(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පළාත් පාලන මැතිවරණයට මුදල් ලබා ගැනීම සඳහා මැදිහත් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව කතානායකවරයාගෙන් කළ ඉල්ලීම ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (1) පස්වරු 1.00 ට රැස්වීමට නියමිතය.
මේ කාරණය සම්බන්ධයෙන් කතානායකවරයා සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් සමඟ ඊයේ සාකච්ඡා කළේය. එහිදී ගත් තීරණ සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයතරම් සාකච්ඡා තිය තියා දඟලන්න දෙයක් නෑ. මැතිවරණ කටයුතුවලට බාධාකිරීම නීතියෙනුත්, සදාචාරයෙනුත් වැරැදි බව අරයාට තේරෙන්නේ නැද්ද?
චන්ද නොතියමින් බල පෙරෙතකම හමුවෙ ලොකය ඉදිරියෙ අවමනයට ලක්වෙන රටක්.
ව්‍යවස්ථා, නීති රීති ගැන ඔස්තාර්ල දන්නේ නැද්ද මැතිවරණයක් ප්‍රකාශ කල පසු සියලුම රාජ්‍ය සේවකයෝ මැතිවරණ කොමිසමට අවනත වියයුතු බව? මැතිවරණ කොමිසමත් තම බලතල පාවිච්චි නොකරන්නේ ඇයි? සභාපති නීතිඥයෙක් නේද?