(ඉන්දිකා රාමනායක)
වයස අවුරුදු 8 ක් දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ 70 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට හෙට්ටිපොල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
සැකකාර හිමිනම මාස 2 ක පමණ කාලයක සිට මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.
සැකකාර හිමිනම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අතර, දැනට පලාගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ලංකාවට බුදුදහම පැමිණියාද..? එසේ නම් එය මෙරටින් තුරන් වී කොපමණ කල්ද?
සිවුරට මුවාවී මෙවැනි අපරාධ කරන්නන්ට මෙන්ම දේශපාලකයින්ට ගොටු අල්ලා කම්සැප සොයන පාපතරයින්ටද මෙවැනි නමක් 'සාදු' පාවිච්චි කිරීම ඉතා උචිතයි...
දැන් ළමයෙක්ව පන්සලකට යවන්නත් බයයි.
වනචර මිනිසුන් ..
දැන්කාලේ පිරිමි ළමයෙක් වුණත් තනියෙන් යවන්න බයයි පන්සලකට...
සිවුරට මුවාවී සිදුකරන දුරාචාර ක්‍රියාවන් නිසා ඉතා කෙටි කාලයක් තුළ භික්ෂූන්ට ලබාදෙන දානයත් නතරවේවි. තවද ඇතැම් භික්ෂූන් භාවිතා කරන වාහන දුටු විට අපට සසර කළ කිරීමට හේතු වෙනවා. සිවුරු ලා ඇත්තේ සියල්ල අතහැරලා කියලයි ශ්‍රාවකයින් සිතා ඇත්තේ...!
ජපානේ හාමුදුරුවරු වගේ ලංකාවේ සාදුලාටත් බඳින්න ඉඩ දෙන්නකෝ....!
මට සේපාල්ව මතක් වෙනවා…. සේපාල් විග්‍රහ කලේ මේ දේවල් නේද…?