(මුදිතා දයානන්ද)
(මුදිතා දයානන්ද)
ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද දැනට නම් කර ඇති දිනයෙන් පසු මැතිවරණය සඳහා දිනයක් ඉක්මනින් නම් කරන්නට බලාපොරොත්තුවන බවද මැතිවරණ කොමිසම තමන්ට ප්‍රකාශ කළේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මාර්තු 9 සිට එළෙැඹෙන දින 21කින් පසු දිනයක මැතවණය පැවැත්වීමට කටයුතු යොදන බව ට කොමිසම තමන්ට පොරොන්දු වූ බව ද දිසානායක මහතා කියා සිටියේය.
ඔහු මේ බව පැවැසුවේ මැතිවරණ කොමිසම හමුවීමෙන් පසුව රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉදිරිපිට දී මාධ්‍යයට අදහස් දක්වමිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනන්න පුළුවන්. තව බිලියන දෙක තුනක් එළියට දාන්න. පාඩු නැහැ චීනා දේවි පොලියත් එක්ක. ඉක්මණටම IMF අරමුදල් එන එක නතර කරලා දෙන්න.
ඡන්දයක් තියන්න එපා...
රටේ පාලන බලය වෙනස් කරන්නනම් ඉල්ලන්න ඕන ජනපතිවරණයක් හෝ මහා මැතිවරණයක්, මොකටද ඔය ප්‍රාදේශීය මැතිවරණය ඉල්ලන්නෙ. මෙයාලට උවමනා තියෙන සල්ලිටිකත් නැතිකරලා රට සම්පුර්ණයෙන්ම වට්ටලා බලය ලබාගන්න. ඒක පැහැදිලියි.
අනිත් පක්ෂ වලට බැන බැන වයසක මිනිස්සු රට පාලනය කරනවා කියලා. දැක්කද මෙයාලා උද්ඝෝෂණයට ගෙනාපු මනුස්සයා. අවුරුදු හැට එකයි. ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙක්. මෙයාලගෙ අනිත් වැඩත් ඒවගේ තමයි.
අපිට බොරුවට සුදුළුනු පොඩි කරනවා, මෙයා අනිත් සේරටම කලින් දන්නවා චන්දෙ කල් යනවා කියල, බොරුවට මිනිස්සු කුලප්පු කරනවා, ජනාධිපතිත් එක්ක ලොකුම ඩීල් දාන්නෙ මෙයා. අපි දැක්කනෙ පහුගිය යහපාලන කාලෙත්, ඒත් මෙයාල විශ්වාස කරන මිනිස්සු පව්.
රටවල් එක්ක සංවිධාන එක්ක කතාකරන්න හොඳ භාෂා හැකියාවක් තියෙන අවුරුදු පනහකට වැඩි අත්දැකීම් තියෙන විදේශ සම්බන්ධතා තියෙන රනිලුත් මේ රට ඇදගෙන යන්නෙ අන්තිම අමාරුවෙන්. රනිල්ගෙන් අරගෙන මෙයාලට දුන්නොත් හොඳට කරයි කියල කවුරුහරි හිතනවානම් එයා පොඩ්ඩක් මොලය පරීක්ෂා කලොත් හොඳයි.
මෙයාලට උවමනා කොහොම හරි බලයට එන්න. රට පාලනය කරන්න පුළුවන්ද? බැරිද? කියන එක වැඩක් නැහැ. බිලියන දහය වියදම් කලාට පස්සේ ආර්ථිකේ තව අර්බුධයකට යනවා. එතකොට රට නැත්තටම නැති වෙනවා. බලය ගන්න ලේසියි.
මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක් බැවින් කිසිකෙනෙකුගේ බලපෑමට යටත් නොවිය යුතුයි. කොටින්ම රටේ ජනාධිපතිටවත් මැතිවරණ කොමිසමට බලපෑම් කළ නොහැක. එසේම අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඉල්ලීමට නීත්‍යානුකූල බලයක් ඇත. එසේ නොදෙන්නේ නම් ඔවුන් කරන දෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනය කරන අතර ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතහැකිය.
සෝමවංශට, ටිල්වින්ට කවදත් කිව්වේ සහෝදරයා කියලා. මාමා, සීයා කිව්වේ නැහැ. හැමදාම සහෝදරයා. වයසක් නැහැ. අනික් හම්පඩ නාකින්ට තමයි දේශපාලනය නොගැලපෙන්නේ...
දවල්හීන හලෝ.. අනුර අමාරු අවස්ථාවේදී රට බාරගත් රනිල්ට එරෙහිව හරක් වැඩ නොකර නිකම් ඉන්නවා. උද්ඝෝෂණය කරලා ආණ්ඩුව පෙරළන්න බෑ. ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මිසක් රනිල් රාජපක්ෂ නෙවෙයි...!!! ඔහේගේ බලාපොරොත්තුව IMF එකේ ණය මුදල් එන්න පෙර ආණ්ඩු මාරුවක් කරන්න. මොකද , IMF එකේ ණය ලැබුණොත් උද්ධමනය අඩුවෙයි. රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි කියන බය ඔහෙට තියෙනවා. ඔහේ රටට ආදරේ නැහැ. මොන නමින් ආවත් ජෙප්පො, ජෙප්පෝම තමයි...
අද මෙයාලා ඡන්ද අයිතිය ඉල්ලනවා. පෙළපාලි යනවා. උද්ඝෝෂණ කරනවා. 88/89 මෙයාලා ජනතාව මරලා, පුච්චලා එදා ඡන්ද අයිතිය උදුරාගත්තේ... නැතිනම් වටිනා තරුණ ජීවිත අදත් ජීවත් වෙනවා...
ඔව්, නැතිනම් ඔක්කොම ගිනි තියනවා...!
පළාත් පාලන චන්දේ තියලා ජෙප්පෝ බලයට ආවොත් බදු නැතිකරනවාද ? විදුලිබිල, බෙහෙත් මිල, වතුර බිල අඩුකරනවාද? මේවා කරන බැරිනම් මොන බම්බුවකටද බලයට එන්න හදන්නේ.?
පොඩ්ඩක් ඉන්නකෝ ඩොලරට තව බහිනකන් නැතිනම් රුපියල තව නගිනකන්. මේ වෙලාවේ ඔහෙලා බලයට ආවොත් කියාවි දැක්කද අපි ආවා විතරය් රුපියල නැග්ගා කියලා.