
(විමුක්ති එස් රුද්‍රිගු)
එළඹෙන මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩෙස් මහතා හෙළා දැක තිබේ.
ශ්‍රී ලංකා ජනතාවගේ ජනමතය ප්‍රකාශ කිරීමේ අයිතිය නොසලකා හැරීමට දරණ සෑම උත්සාහයක්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සෘජු උල්ලංඝනය කිරීමක් බව බොබ් මෙනෙන්ඩෙස් මහතා පෙන්වා දී ඇත.ඒ හේතුවෙන් තවත් ප්‍රමාද නොකර නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව බොබ් මෙනෙන්ඩෙස් මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විසින් නිකුත් කරන ලද වාර්තාවක් උපුටා දක්වමින් බොබ් මෙනෙන්ඩෙස් මහතා මෙම ප්‍රකාශය සිදුකර ඇත.ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම එළඹෙන මාර්තු 9 වැනිදා මැතිවරණය පැවැත්විය නොහැකි බව ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා නිල වශයෙන් ප්‍රකාශ කළේය.මැතිවරණය පවත්වන නව දින එළඹෙන 3 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සෙනෙට් ලොක්කෝ තමයි මහල්ලාව තියාගෙන ඉතිරි වැඩ ටිකත් කරවාගන්න යන්නේ….
මෙම මැදිහත් වීමට ස්තුතියි, අනිත් රටවලුත් මෙවැනිම නිවේදන නිකුත් කෙරේවා
නියමයි.. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න ශ්‍රී ලංකාවේ ජනතාවට ජාත්‍යන්තරයේ සහාය ඉතාමත් තදින්ම අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අකුලා තිබෙන මැතිවරණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තරයේ බලපෑම ඉතාමත්ම කාලෝචිතයි.
මේ මෝඩ මුග්ධ නායකයන් ජාත්‍යන්තරයට, අපේ රටට ඇඟිලි ගහන්න අවස්ථාවක් හදලා දෙනවා... තව ටික කාලයක් යනවිට ඉතියෝපියාවටත්, සෝමාලියාවටත් ලංකාවේ ප්‍රශ්න ගැන කතාකරයි...
අම්මෝ... නියමෙටම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක්නේ ඇමෙරිකාව... ලෝකෙම හනුමා වගේ ගිනි තියතියා යනවා. තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නේ නැතිව කයිවාරු දොඩවනවා.
නියමයි... !
දැන් ඉතින් ඇමෙරිකන් පුරවැසි දේශපාලුවන්ට කඩේ යන බයියන්ට මේවට කේන්ති යයි.
බල පෙරේතකම හමුවේ රටක් ලෝකයේ අපවාදයට ලක්කරනවා.
දේශපාලුවො කීප දෙනෙක් ඔවුන්ගේ බලය තහවුරු කරගන්න ඡන්දය ඉල්ලනවා තමයි. ඒත් රටේ ජනතාව ඡන්දයක් ඉල්ලන්නේ නැහැ ඡන්දය ඕනෑ කියලා හිතනවා නම් අවශ්‍ය සියලු වියදම් දෙන්න...
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ... නන්දසේන ඉල්ලා හිටියද එහෙම කියන්න කියලා..
අද මුළු ලෝකයම දන්නවා දිනන්න බැරි නිසා චන්දෙ නොතියන්න කටයුතු කරන එක. ලැජ්ජාවක් නැතිද මෙවන් අශීලාචාර වැඩ කරන්න
අරගලය කියන්නෙත් ඇමරිකන් සහ ඩයස්පෝරාවේ නින්ජාවක්. දැන් තව තවත් රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි දික් කරනවා. මේ මොකුත් නොහිතන පක්ෂ බදාගත් අය ඒවට අත්පුඩි ගහනවා
ඩොලර් වලින් සල්ලි එවන්න එතකොට අපි චන්දේ තියන්නම්.