(ඉන්දිකා රාමනායක සහ ධම්මිකා බාලසූරිය)
අට හැවිරිදි දැරියක ස්පර්ශ කළැයි පහරකෑමට ලක් වූ හිමි නමක පහරකා රෝහල්ගත කිරීමෙන් අනතුරුව අපවත්වී ඇතැයි හෙට්ටිපොල පොලිසිය පවසයි.
හෙට්ටිපොල පොලිස් වසමෙහි හිත්තරපොල, අගාරඋඩ ගම්මානයේ අගාරඋඩ ආවාසය විහාරස්ථානයේදී මෙම සිදුවීම සිදුව තිබේ.
මෙලෙස පහර කෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එලුවාපොල වගීශ්වර නමැති හැත්තෑ හැවිරිදි හිමිනමකි.
බෝධි පූජාවක් පැවැත්වීම සඳහා අගාරඋඩ ආවාසය විහාරස්ථානයට ගොස් බෝ මලුව පිරිසිදු කිරීම සඳහා ඉදලක් ගෙන ඒමට ගිය අට හැවිරිදි දැරියක මෙම සිද්ධියට මුහුණ පා ඇත.අ
දැරිය අතවර සිදුවූ බවට කණ වැකීමෙන් කෝපාවිෂ්ට වූ පියා ඔහුගේ සහෝදරයකුද කැටිව හිමිනම සොයා විහාරස්ථානයට ගොස් ඇති අතර එහිදී විහාරස්ථානයේ හිමිනම සිට නොමැති අතර එම ගම්මානයේම ඇති රාජමහා විහාරස්ථානයට ගොස් සොයා බැලීමේදී හිමිනම එම විහාරස්ථානයේ කාමරයක නිදාගෙන සිට ඇත.
එම කාමරය තුලදී හිමිනමට පහර කෑමට ලක්ව ඇති අතර යළි එම සිද්ධිය වූ විහාරස්ථානයට රැගෙන පැමිණ ඇතැයි ද වාර්තා වේ.
ගම්වාසීන් මෙම සිදුවීම සම්බන්ධව හෙට්ටිපොල පොලිසිය වෙත දන්වා ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ 1990 හදිසි ගිලන්-රථයක් කැඳවා හිමිනමව කුලියාපිටිය මූලික රෝහලට රැගෙන ගොස් තිබේ. හිමිනමගේ තත්ත්වය බරපතල වූයෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී අපවත්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින්ට බලයට ඒමට නයි නටවා ගොටු අල්ලා තනතුරු වරප්‍රසාද ලබා V8 වාහන පදින සාදුලා මේ පුවත විසිතිස් පාරක් බැලුවට කාරි නැහැ.
ගුටිකා නෙවෙයි... ගුටි වළඳා කිව්වානම් හරි. අපත වැඩ කළාම ඕවා වෙන්න පුළුවන්.
අනේ සාදු...!
දැන් ඉතිං අර අහිංසක තාත්තාව මිනීමරුවා කියලා කුදලන් යනවා එහෙම නෙවෙයි…!
ආදාහන පූජෝත්සවය කවද්ද?
පොඩිදරුවන්ව කඩේ යවන දෙමව්පියෝ හොඳට ඇස් ඇරගෙන කියවන්න.
වාර්තාකරණ උනත් හරියට කරන්න ඉන්දිකා නිකන් හිතෙන හිතෙන ඒවා නොදා ....උදේ ඔයාගේ නිවුස් එකේ දානවා මාස 2ක් තිස්සේ මේක වෙනවලු එහෙම උනා නම් දෙමවුපියෝ වැරදි .ඉදල ගෙන්න ගිය ගමන් ඇතුන් ඇල්ලුවට මැරෙන්න ගැහුවනම් ඊකත් වැරදි මොනා උනත් නිවුස් එක එක එක පාරට වරද්දලා දාන ඔයාලත් වැරදි
අයියෝ ෂාමි…!
මෙවැනි අය දුටු තැන ච්‍වරය ගලවා , සරමක් අන්දවා හොදටම ගුටි ඇනිය යුතුයි
දැරියගේ මූණෙත් කළු ගාගෙන මිනීමැරුම් චෝදනාවකටත් අහුවුණා කියලා හිතෙනවා..
උන් වහන්සේට නිවන් සුවයේත් උපරීම නිවන් සුවය අත්වේවා. බෞද්ධයින්ට ප්‍රඥාව පහළවේවා...!
අයියෝ සාමි..., පැය 24 ආගම, නීතිය කරගෙන ඉන්න මිනිස්සුන්ට දහමේ ප්‍රතිඵල....
ඔහොම අපවත් වූ එක හොඳයි.
අපි නම් කවදාවත් අපේ ළමයි පන්සලට නම් තනියෙන් යවන්නේම නැහැ. හොදට තියෙයි…
පන්සලේ හාමුදුරුවෝ කොහේහෝ වැඩලා කරිටාස්ලා බඩු බෙදමින් පන්සලේ රැස්වීම් තියනවා (අපේ රටේ ගෑනුන්ට බලු බෙට්ටක් හෝ වර්ණනා කරලා නොමිලේ දෙනවා නම් ඊට ඉහළින් දෙයක් නැහැ ) ඒ අතරේ පුරාණ විහාරයේ දොරටුවේ මිනිහෙක් ඉදගෙන කාටදෝ යාග්ඣාවක් කරනවා. කාටවත් බුදුහාමුදුරුවෝ වදින්න බැහැ අර මිනිහගෙ ශබ්දය නිසා පූජාවක් තබන්න බැහැ. අනේ අපේ නායක හාමුදුරුවෝ මොනවා කරනවාද මංදා. බුදු දහම විනාශ කරන්න එන්ජීඕ කාක්කො කටයුතු කරද්දී පන්සල්වලට කරිටාස්ලා රිංගා රගනවා
ගමේ කසිප්පු මුදලාලි මැරුණාම පාංශුකූලය දෙනකොට සත්ගුණවත් උපාසක මහත්තයා කියලා කියනවා. මේ හාමුදුරුවන්ගේ ආදාහන උත්සවයේදී ගුණකථනයට මොනවද කියන්නේ?
මට පෙනෙන විධියට මේ වාර්තාව ඒක පාර්ශවීයයි. හිමිනමට පහරදී මරණය සිදුකල අය ගැන ගනු ලබන නීතිමය පියවර ගැන සදහනක් නැත.
හාමුදුරුවන්ගේ ළමා අපයෝජනය කෙසේ වෙතත්, ලංකාවේ "තලෙයිබාන් බෞද්ධයින්ගේ" නඩු තීන්දුව නම් හරිම ෂෝක්.. බෞද්ධයින්ට ලංකාවේ නීතිය අදාළ නැද්ද? මිලේච්ජ ගතිගුණ වලින් පිරිපුන් සිංහල තලෙයිබාන් වර්ගයේ බෞද්ධයින් මිනි මරනවා මදිවාට, මිනීමැරුම සාධාරණීකරණය කරනවා. "ළමා අපයෝජනයට" ලංකාවේ නීතිය ගහලා මැරීමද? මේ උතුම් භුමිය මිලේච්ජයින්ගේ ග්‍රහණයට හසුවී තිබෙන බවට මීට වඩා වෙන සාධක කුමටද? ලංකාවේ බෞද්ධයින් ගරු කරන V8 සංඝ කල්ලිය නම් කවදාවත් මේ වගේ ලිංගික අපයෝජන කරන්නෙම නැහැ නේද?? අබ සරණයි හැමෝටම!!!
චිත්ත ඒකාග්‍රතාවය නැති, ඉන්ද්‍රිය දමනය කළ නොහැකි පුද්ගලයා බුද්ධ ශාසනයේ පැවිදි වීමට සුදුසු නැත. ඔහු වහා පැවිදි බව අත්හැරිය යුතුය. නැතිනම් ශාසනයට පැවැත්මක් නැහැ.
දරුවන් තනිවම කිසිම තැනකට නොයැවිය යුතුයි... අනෙක මේ වගේ දෙයක් වුණාම කියන්න මීනිමරන්න කවුද බලයක් දුන්නේ? ඒ සම්බන්ධව නීතියක් තියෙනවා 345 නඩුවක් පවරන්න පුළුවන්. මෙහෙම නීති අතට ගැනීම සහ ඒ සඳහා අනුබල දීම නතර කළ යුතුයි. ඇත්තටම එහෙම දෙයක් නොවුණා නම් මොකක්ද කියන්නේ...? මේවා සංකීර්ණ දේවල්.. මතුපිටින් පේන දේට වඩා වැඩි යමක් තියෙන්න පුළුවන්..
ළමා අපයෝජනය අධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. භික්‍ෂු ඝාතනයට සම්බන්ධ පියා ඇතුළු පිරිසට වසර ගණනාවක් සිර දඬුවම් තීන්දුවක් ලැබෙනතුරු ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කරනවා.