නොබෙල් සාම ත්‍යාගය මානව ක්‍රියාකාරීන්ට මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය බෙලරූසයේ, රුසියාවේ සහ යුක්රේනයේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් අතරේ බෙදී ගියේය. 07 October 2022
පැය දෙකක විදුලි කප්පාදුව තවත් දින තුනක් පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට (8) 10 වැනිදා දක්වා දින තුනක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පස්වරුවේ පැවසීය. 07 October 2022
ශ්‍රී ලංකා ජනරජ ස්වර්ණ ජයන්තියට මුද්දරයක් ශ්‍රී ලංකා ජනරජ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් රුපියල් 50ක වටිනාකමින් යුත් මුද්දරයක් හා මුල්දින කවරයක් එළිදැක්වීම තැපැල් මූලස්ථානයේ දී අද (7) සිදුකෙරිණි. 07 October 2022
පාඨලීට තනතුරක් ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේ දී නිතරගයෙන් පත් විය. 07 October 2022
’’ඔබතුමා සැරට කතා කළාට කාලය දෙන්න බෑ..’’ ’’ඔබතුමා සැරට කතා කළාට මට කාලය දෙන්න නම් කොහෙත්ම බැහැ’’ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 October 2022
දේශගුණික විපර්යාස වළකන්න රුවන්ගෙන් සැලසුමක් ආර්ථිකය සහ පරිසරය නිරන්තරයෙන් බැඳී පවතින බැවින් වැඩි වෙමින් පවත්නා කාලගුණික සහ දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 07 October 2022
ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම රටවල් 10 අතරට සී.එන් ට්‍රැවලර් සඟරාව සිදුකළ 2022 පාඨක මත විමසුමට අනුව ලෝකයේ මිත්‍රශීලීම රටවල් 10 අතර 9 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. 07 October 2022
පේන විදියට 22 හබක් තමන්ට පෙනෙන ආකාරයට 22 වන සංශෝධනය හබක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 07 October 2022
සජබෙන් පස්දෙනෙක් කැබිනට් එකට හොයනවා සමගි ජන බලවේගයේ පස්දෙනෙක් කැබිනට් එකට ගන්නට හොයනවා යැයි ආරංචි බවත් පස්දෙනෙක් තියා එක්කෙනෙක් වත් ආණ්ඩුවේ කැබිනට් එකට යන්නේ නැතැයි වගකීමෙන් පවසන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කීය. 07 October 2022
උණු වතුර කල්දේරමට වැටුනු රැඳවියෙක් මියයයි උණු වතුර පිරවූ කල්දේරමකට වැටීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් ඇතැයි බන්ධනාගාරය පවසයි. 07 October 2022
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව ලෝක බැංකුව ඊයේ (06) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 07 October 2022
ආර්ථික අර්බුදයට හේතු සොයා විසඳුම් ඉල්ලූ පෙත්සම විභාගයට රටේ සිදුවූ ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු සොයා බලා ඊට අවශ්‍ය විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය 07 October 2022
කඳුළු ගෑස් ගැන තොරතුරු දීම පොලිස්පති යළි ප්‍රතික්ෂේප කරයි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ අණ දෙන නිලධාරියා පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් තොරතුරු ලබා දෙන බවට පොරොන්දු වී තිබියදී පොලිස් නීති කොට්ඨාසයේ නිලධාරියකු පැමිණ තොරතුරු ලබාදී ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසියෙන් ප්‍රශ්න කර තිබේ. 07 October 2022
දුම්රියේදී කඩුවකින් පහරදී රන් මාලය-ලක්ෂ දෙකක් සොරාගත් 2ක් අල්ලයි කොළඹ සිට මාතර දෙසට දහවනය කෙරෙමින් තිබූ දුම්රියේ ගමන්ගත් අඹු සැමි යුවලකට කඩුවකින් පහර දී බිරිඳගේ ගෙලබැඳි රන් මාලය සහ ලක්ෂ දෙකක මුදල් පැහැර ගත් එක් සැකකරු මොරටු පොලිසියෙ විසින් ඊයේ (06) සහ අනෙක් සැකකරු අඟුලාන පොලිසිය විසින් අද (07) අත්අඩංගුවට ගෙන ඇතැයි මොරටුව පොලිසිය පැවසීය. 07 October 2022
කාබනික පොහොර ලෙස වැව් රොන් මඩ දීම තහනම් කාබනික පොහොර ලෙස වැව් වල පස් හා අපද්‍රව්‍ය ගොවි ජනතාවට සැපයීමට මෙවර මහ කන්නයේ දී කිසිවෙකුට ඉඩ නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 October 2022
සපුගස්කන්ද යළි වැසෙයි සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 07 October 2022
මිනුවන්ගොඩ ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසක් තුළ දී වෙඩි තබා පියා සහ පුතුන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුගිරිඋල්ල ප්‍රදේශයේ දී ඊයේ (6) රාත්‍රියේ පොලිසිය හා විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. 07 October 2022
කුඩු කිලෝ 6ක් උණ්ඩ 19 කැස්බෑවෙන් සොයා ගනී කැස්බෑව සිද්ධමුල්ල නිවසක ගබඩා කර තිබූ රුපියල් කෝටි 6 කට අධික වටිනා හොරෙන් මත්කුඩු සහ උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කියයි . 07 October 2022
දරුවකු පැහැරගෙන පොර උරයක දමා වැව් තාවුල්ලකට විසි කරලා ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයෙ නිවසක සිටි සිව් හැවිරිදි දරුවකු පැහැරගෙන ගොස් උරයක දමා ගැටගසා වැව් පිටියක දමා ගොස් සිටියදී සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි. 07 October 2022
මවුගේ කොන්ඩ බූලයෙන් ආ මරුවා දරුවකු ඩැහැගනී මවගේ කොන්ඩ බුලයක් ගෙලට දමා ගත් 8 හැවිරිදි පිරිමි දරුවකු ගෙල සිර වීමෙන් මරණයට පවත්ව ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි 07 October 2022
බස්නාහිර සහ සබරගමුවට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 October 2022
සාහිත්‍ය නොබෙල් තෑග්ග ප්‍රංශ කතුවරියට මෙම 2022 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ප්‍රංශ ගත්කතුවරියක වන ඈනී ඉරැනෝව්ට හිමිවිය. 07 October 2022
කොස්ගම - අවිස්සාවේල්ල කෝච්චි පාර වැසෙයි කැළණිවැලි දුම්රිය මාර් ගයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (07) රාත්‍රියේ 8:30 සිට 10 වෙනිදා උදේ 6.00 දක්වා කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර් ගය වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 06 October 2022
උද්ධමනය තවත් වැඩිවේවි මෙරට උද්ධමනය මේ මාසයේ දී තවදුරටත් ඉහළ ගොස් ඉන් පසු ව පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා අද (6) පැවැසීය. 06 October 2022
නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් රවී හේරත් මහතා අද (6) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි ජනමාධ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේදී රාජකාරි බාර ගත්තේය. 06 October 2022
හොරකම් වහගන්න කෝප් සභාපතිකමට ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් පත්කරගෙන පොදු ව්‍යාපාර පිළිබඳ පාර් ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති තතනතුර සඳහා ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයකු පත්කරගෙන ඇත්තේ ආණ්ඩුව විසින් සිදුකරන වංචා, දූෂණ සහ හොරකම් හෙළිවීම වළක්වාගැනීමේ අරමුණින් විය යුතු බව එම තනතුර සඳහා සමඟි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ලංකාදීපයට පැවසීය. 06 October 2022
කිසිවෙකුත් අත නොහැර ඉදිරියට ගෙනයන්න ජනාධිපති වැඩක් අරඹයි ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31කට සුබසාධක ප්රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 06 October 2022
සැමියාට කඩුවෙන් කොටා බිරියගේ රන්මාලය-ලක්ෂ 2 ක් කොල්ලකාලා කඩුවක් අතැතිව දුම්රියකට ගොඩවූ කොල්ලකරුවන් දෙදෙනෙකු දුමිරියේ ගමන්ගත් යුවළක් බිය ගන්නා සැමියාගේ සුළැගිල්ල වෙන් වනතෙක් කඩුවෙන් කොට බිරිඳ සතු රන්මාලය, හා රුපියල් ලක්ෂ 2 ක මුදලක් සහිත පසුම්භිය කොල්ලා කා ඇතැයි පොලිසිය පවසයි. 06 October 2022
ලංකාව ගැන යෝජනාව මානව හිමිකම් කවුන්සලය පිළිගනී ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ඉදිරිපත් වූ ‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’’ යන තේමාව යටතේ ගෙන ආ 51/5 යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (06) පැවැත්වුණු අතර එම යෝජනාවට පක්ෂව සාමාජිකයෝ 20 දෙනෙක් එහිදී ඡන්දය ලබා දුන් අතර යෝජනාවට විපක්ෂව සාමාජිකයෝ 7 ක් ඡන්දය ලබා දුන්හ. 06 October 2022
ජාතික සභාවේ කමිටු සාමාජිකයෝ මෙන්න ජාතික සභාව පත් කළ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායිකරණ අනු කමිටු දෙකට සාමාජික මන්ත්‍රීවරු ඊයේ (6) පත් කරනු ලැබූහ. 06 October 2022
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026