හොරට පාන් වික්ක 70කට නඩු අඩු බර පාන් අලෙවි කළ වෙළෙඳසල් 70 ක් පමණ ඊයේ( 22 )දින අල්ලා ගැනීමට හැකි වූ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි. 23 October 2022
මුහුදු වැලි විකුණන්න යයි වාරකන් කාලය නිමවූ පසුව ලබන වසරේදී මුහුදු වැලි විකිණීම සඳහා වැලි කැණීම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව පවසයි. 23 October 2022
පළාත් කිහිපයකට තද වැසි බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 October 2022
ඉන්දුනීසියාව පුටින් - සෙලෙන්ස්කි මුණ ගස්සන්න යයි තව නොබෝ දිනකින් ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින්ට ද ඇරැයුම් කර ඇති බවත්, පුටින් සමුළුවට සහභාගී වේවි යැයි තමන් විශ්වාස කරන බවත් ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසයි. 23 October 2022
පක්ෂ නායකත්ව සටනින් සුනාක්-ජොන්සන් ඉදිරියට බ්‍රිතාන්‍යයේ පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැත්වෙන සටනේදී හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුන්ක් ඉදිරියෙන් සිටින බව මාධ්‍යන් වාර්තා පෙන්වා දෙයි. 23 October 2022
ජින්පින් තෙවැනි වරටත් චීනයේ ජනාධිපති ධුරයට චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයේ දිගටම රැඳී සිටීමට අවස්ථාව උදා වීමත් සමඟ ෂී ජින්පින් තෙවැනි වරටත් චීන ජනාපධිති ධුරයට පත් විය. 23 October 2022
ඕස්ට්‍රේලියා සිහිනය උණවටුනෙන් බොඳ වෙයි නිති විරෝධි ලෙස ඕස්ට්‍රෙිලියාවට යාම සඳහා උණවටුන ප්‍රදේශයේ හෝටලයක රැඳි සිටි 43 දෙනකු අද (23) අලුයම නාවික හමුදාවේද සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 23 October 2022
ජයන්ත කැටගොඩගේ ගෙට පහරදුන් තරුණයෙක් මාට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ මාලබේ නිවසට පහර දි අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 23 October 2022
කොලොන්න සමූපෙන් සජබට විශිෂ්ඨ ජයක් සීමාසහිත කොළොන්න කොරළයේ විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභාවේ නියෝජිතයන් 119ක් තෝරා ගැනීමට පැවැත්වු ඡන්දයේ දී සමගි ජන බලවේගයෙන් නියෝජිතයන් 115ක් ජයග්රහණයකර අති විශිෂ්ඨ ජයක් ලැබූ බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සජබ) හේෂා විතානගේ මහතා 22දා පැවසීය. 23 October 2022
එංගලන්තය පළමු තරගය ජයගනී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ’සුපිරි 12’ වටයේ දෙවැනි තරගය ලෙස එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පර්ත්හිදී අද (22) පස්වරුව තරගයෙන් එංගලන්තය කඩුළු 5 ක පහසු ජයක් ලැබීමට සමත් විය. 23 October 2022
වර්ෂාවෙන් තැන තැන ගලයි දිවයින පුරා ඇද හැළුණු තද වර්ෂාවන නිසා කොළඹ අවට සහ ගාල්ල,කළුතර ඇතුළු අවට ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී බව ඒ ඒ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 22 October 2022
ඕමත්තෙන් වැටුණු අයගේ සිරුර අවිත්තාවෙන් හමු වේ ඕමත්ත පාලම අසලින්බෙ ඉකුත් 19 වැනි දින බෙන්තර ගඟට වැටී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර අවිත්තාව පාලම යටින් දින තුනකට පසු අද හමුවූ බව ඉත්තෑපාන පොලිසිය කියයි. 22 October 2022
නවසීලන්තය ලකුණු 89 කින් ඕස්ට්‍රේලියාව පරදවයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ’සුපිරි 12’ වටය ආරම්භ කරමින් සිඩ්නිහීදී අද (22) පැවති දිනයේ පළමු තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 89 කින් සත්කාරක ඕස්ට්‍රේලියාව පිල පරාජය කිරීමට සමත් වූහ. 22 October 2022
ලක්ෂ 12කගේ රැකියා අහිමි වෙලා ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්රයට සම්බන්ධ ලක්ෂ 12 ක ගේ පමණ රැකියා අහිමි වී ඇතැයි ඉකුත්දා පැවැති පැවති සාකච්ඡාවකදීයි අනාවරණය වී ඇත. 22 October 2022
22 සම්මත කිරීම ලෝකයටම ආදර්ශයක් කෘතහස්ත ප්රජාතන්ත්රවාදී නායකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ලෝකයට අගනා ආදර්ශයක් ලබා දුන් බව රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද හිමියෝ පැවසූහ. 22 October 2022
’’මෙදාපාර නැටුවෙත් පරණ විගඩම’’ විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එක එක අයගේ වුවමනාවට සකස් කෙරුණු එකක්බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 22 October 2022
රට පුරා ආහාර බැංකු පිහිටුවන්න තීරණයක් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමට ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආහාර බැංකු හා ආහාර හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවීමට රජය තීරණය කර තිබෙි. 22 October 2022
සරත් 22ට ඡන්දය නොදුන් හේතුව කියයි දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය නොදුන් තමාට දහනවයේ වගන්ති ගණනාවක් ඇතුළත් විසි දෙවෙනි සංශෝධනයට කොන්ද කෙළින් තබාගෙන ඡන්දය දෙන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රශ්න කළේය. 22 October 2022
ඇමති ප්‍රසන්න තීන්දුවක් ගැනීමේ සූදානමක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරියේ දී ගත යුතු දේශපාලන ස්ථාවරය පිළිබඳව මිනුවන්ගොඩ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ රහසිගත මත විමසුමක් සිදු කර ඇතැයි වාර්තා වේ. 22 October 2022
හමුදා ඩිෆෙන්ඩරයක් අනතුරට ලක්ව කපිතාන්වරයෙක් මරුට වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ දී හමුදා ඩිෆෙන්ඩර් රථයක් ( අද 22) අලුයම අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් කපිතාන්වරයෙකු මියගොස්, තවත් සෙබළු හතර දෙනෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත. 22 October 2022
ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මගඩියක් හෙළිවෙයි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2020 වර්ෂයේදී ඖෂධ පර්යේෂණ කටයුතු සඳහා මිලදීගෙන තිබූ ඖෂධ අමුද්‍රව්‍ය කිලෝ 213කින් කිලෝ 175ක් නියමිත ප්‍රමිතියෙන් තොර පාවිච්චියට නුසුදුසු ඒවා බවට තහවුරුවී යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 22 October 2022
පාසල් දරුවන්ට විවාද නැරඹීමට අවසර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදීද විවාද නැරඹීම සඳහා අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 22 October 2022
රටපුරා තුටුපඬුරු ගැනීමත් වැඩිවෙලා ආර්ථික අහේනිය හේතුවෙන් රටපුරා අල්ලස්( තුටුපඬුරු) ගැනීමේ සිද්ධීන්ද සියයට 20 කින් 30 කින් පමණ වැඩිවී ඇතැයි වාර්තා වේ. 22 October 2022
රජයේ ආයතනවලට තරු පංතියේ කෑම එපා රාජ්‍ය ආයතනවල රැස්වීම් සහ උත්සවවලට තරු පංතියේ හෝටල්වලින් ආහාර ගෙන ඒම නොකරන ලෙස රජය එම ආයතන ප්‍රධානීන්ට උපදෙස්දී ඇත. 22 October 2022
අල්ලස් ගැනීමේ ’’කප් එක’’ ප්‍රා ලේකම් කාර්යාලවලට අල්ලස් ගැනීම් වැඩිපුරම සිදුවන ආයතන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මුල් තැනට පැමිණ ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 22 October 2022
එංගලන්තයේ රැකිය දෙන්න ගිය තුනක් මාට්ටු එංගලන්තයේ සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ තරු පන්තියේ හෝටලයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ කාන්තාවක් ඇතුළු තිදෙනකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය අත්අඩංගුවට ගත්තේය. 22 October 2022
පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 October 2022
ජේ.ආර් නොසිතපු දෙයක් සිදුවෙලා තමාගේ බෑනා ඡන්දෙන් පැරදී තමාගේම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවේ යැයි ජේ.ආර් නිකමටවත් සිතන්නට නැතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 October 2022
22 සම්මත කර ගැනීම ප්රජාතන්ත්රවාදයේ ජයග්‍රහණයක් අත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතුකරගැනීමේ අපේක්ෂාවෙන් යුතුව සම්මත කරගෙන තිබූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් 22 වැනි සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කිරීම ප්රජාතන්ත්රවාදය අගයන සියළුම පුරවැසියන් ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි. 21 October 2022
සාගලට තවත් තනතුරක් ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පත් කිරීමට පක්ෂ කළමනාකරණ මණ්ඩලය තීරණය කර ඇත. 21 October 2022
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026