(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අවුරුදු 12ක වයසේ පසුවෙන පාසල් සිසුවියක්සමග වීරපුර ප්‍රදේශයේ කැලෑවක සිටි තිස් දෙහැවිරිදි පුද්ගලයකු සාලියවැව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සමඟ සිටි බාලවයස්කාර මෙම සිසුවිය ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 32 හැවිරිදි පුද්ගලයා ගිරිබාව ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම සිසුවිය රාජාංගනය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බව පොලීසිය සඳහන් කරයි.
වීරපුර ප්‍රදේශයේ පිහිටි කැලෑවට ගිය පුද්ගලයකු බාලවයස්කාර දැරියක් සමග පිරිමි පුද්ගලයකු සිටිනවා දැක ඒ බව සාලියවැව පොලිසියට දැනුම් දී තිබේ.
සාලියවැව පොලීසියේ පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කැලෑවට ගොස් සෝදිසි කර පිරිමි පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන දැරියද පොලිස් භාරයට ගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
දැරිය පාසල අවසන් වීමෙන් පසු මෙම පුද්ගලයා සමග කැලෑ වැදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
12 දැරියක් 32 තරුණයකු සමඟ කැලෑවෙන් හමුවෙයි
Bunny Preena Friday, 17 March 2023 09:12 AM
මොන මානසික තත්වයකින් ඉන්න දැරිවියක්ද දන්නේ නැහැ .හොඳ වෙලාවට කවුරු දැක්කයි
කසුන් Friday, 17 March 2023 11:30 AM
ඒ තරුණයා මාලිමාවෙක් බව තහවුරු කිරීමට ද පරීක්ෂන කර ගෙන යනු ලැබේ.
තරුණයාFriday, 17 March 2023 01:50 PM
ඇත්තටම ඒ තරුණයා මාලිමවෙක් වෙන්නත් පුළුවන්.මොකද දැන් මාලිමාවේ ඉන්න බහුතරයක් පොහොට්ටුවට කඩේගිය උන්දැලානේ.
Isuru Friday, 17 March 2023 12:29 PM
ඕවට මොකටද පොලිසි යන්නේ. උදේ ඉස්කෝලේ යද්දී නැති වුන කරාඹුවේ බොලේ හොයන්න යන්න ඇති.
sampath Sunday, 19 March 2023 09:35 PM
ලිංගික අධ්‍යාපනය පුළුවන්තාක් හංගන් ඉන්න මේ වගේ නාට්‍ය අපිට බලබල ඉන්න පුළුවන් එතකොට...