IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සල්ලි ලැබෙන පාටක් නෑ

(සුජිත් හේවාජුලිගේ )

මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන පාටක් පෙනෙන්නට නැති හෙයින්  ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අත තැබිය නොහැකි බව  රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ  මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (15) ලිපියකින්  දැනුම් දුන්නාය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබා දෙන්නේ දැයි කළ විමසුම්වලට මහ භාණ්ඩාගාරයෙන්  කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයිද   ඇය සඳහන් කළාය.

මුදල් ලැබුණහොත් ඡන්ද පත්‍රිකා දින හතරත් පහත්  අතර කාලයකදීද සෙසු මුද්‍රණ දින 30ක කාලයකදීද මුද්‍රණය කර දිය හැකි බව පැවසූ ලියනගේ මහත්මිය මැතිවරණය  සඳහා වෙන් කෙරුණු  ප්‍රතිපාදන වෙනුවෙන්වත්  මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබී නැතැයි ප්‍රකාශ කළාය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා දැනට ලැබී ඇත්තේ කෝටි හතරක් පමණක් බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට  ආරක්ෂාව සැපයීම සඳහා ඒවා මුද්‍රණය කරන අවස්ථාවේදී දැනුම් දෙන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රකාශ කර ඇති බවත්
රජයේ මුද්‍රණාලාධිපතිනිය  පැවසුවාය.

මුදල් හෙට ලැබුණොත් හෙට සිටම ඡන්ද පත්‍රිකා මුද්‍රණයට  පියවර ගන්නා බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.



අදහස් (9)

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සල්ලි ලැබෙන පාටක් නෑ

Jagath Thursday, 16 March 2023 05:55 PM

මැතිවරණ පවත්වන්න මුදල් දෙන්නේ නැතිනම් ඒකටත් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන්න තමයි වෙන්නේ.

:       0       0

විජිත් Thursday, 16 March 2023 06:00 PM

මෙයා කියන්නේ ඇත්තක්නම්,මුදල් අමාත්‍යංශයේ ලේකම් කියන උද්දච්ච පට්ට හොරා අධිකරණයට අපහාස කරලා තියෙනවා. ඉතින් දැන් තියෙන්නේ මේකාව අධිකරණය හමුවට පමුණුවා අවුරුදු 10 කටවත් " ජම්පර් " අන්දලා නැතිනම් "අමුඩයක් " ගස්සලා " ගල්පල්ලියට " දැක්කවිමයි. ඔහුගේ තනි නොතනියට " රනිල් "නංගිත් ජංගියක් අන්දලා ළඟදීම ගල්පල්ලි එනවා" කියලත් මිනිහට කියන්න ඕනා.

:       0       0

Demuni Uduwara Friday, 17 March 2023 05:19 AM

ඔබ මුදල් ලැබීමෙන් පසු අතීතයේ ඡන්ද කාඩ්පත් මුද්‍රණය කළේද? ජනතාව නොමග යවන්න එපා!

:       0       2

Lalla Friday, 17 March 2023 07:13 AM

රටට සාපයක් වූ මුද්‍රණාලයාධිපති..... විශ්‍රාම යන එක හොඳා නේද?

:       0       8

Kumasaru Friday, 17 March 2023 09:11 AM

මේ සැරයටවත් නයට ගහන්ඩ දෙන්ඩ බැරිද?

:       0       0

Sumathipala Friday, 17 March 2023 12:41 PM

වාර්ෂික අයවැය ලේඛනයෙන් මුදුණ දෙපාර්තමේන්තුව සදහා වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන වලින් මුදුණ වැඩ ඉටුකර ගත හැකිය. මෙම මුදුණ වැඩය සඳහා වෙනම මුදල් ඉල්ලීම අවශ්‍ය නොවේ.

:       0       7

de silva Friday, 17 March 2023 01:08 PM

වැඩිම උනොත් මේ ආණ්ඩුව තව අවුරුද්දක් තියේවි .රාජකාරිය හරියට ඉටු නොකලොත් පසුව නඩු වැටෙයි .නඩුවෙන් වරදකාරයා වුනොත් පැන්ෂන් එකත් කෙල වෙලා හිරේ යන්න වේවි

:       1       6

sarath Friday, 17 March 2023 01:42 PM

බොරුවට අමාරුවේ වැටෙන්න එපා.අධිකරණයේ ඕකේ එකත් තිබෙන නිසා බය නැතිව මුද්‍රණ කටයුතු ආරම්භ කරන්න නැතිනම් අමාරුවේ වැටේවි .නඩු වැටේවි.හිරේ යන එක කෙසේවෙතත් රිමාන්ඩ් එකේ ලගින්න වේවි .පූජිත ජයසුන්දර සහ හේමසිරිට උනා වගේ

:       0       2

Rata Perata Saturday, 18 March 2023 02:28 PM

මුහුණ දැක්කාමත් පේනවා මොන්ගල් වගේ....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site