(බිබිල විශේෂ කේෂර ගුණතිලක )
මොනරාගල බටුගම්මන බෝගහඅරාව ප්‍රදේශයේ නිවසක සිටි අවුරුදු දෙකයි මාස තුනක් වයසැති දැරියකගේ පෙන්ඩනය සහිත රන්මාලය කඩාගෙන පළාගොස් සැඟවී සිටි දැරියකගේ මාමා කෙනෙකු වන ‘පැන්ටා‘ නමින් හඳුන්වන අයෙකු අද (17) මොනරාගල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
සැකකරු දැරිය නිදාගෙන සිටියදී පෙන්ඩනය සහිත රන්මාලය කඩාගෙනගොස් තිබිණි. සැකකරු තිස්එක් වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචි දැරියගේ මවගේ සහෝදරයෙකි.
කඩාගත් පෙන්ඩනය සහිත රන්මාලයේ වටිනාකම රුපියල් හැත්තෑනවදහස් තුන්සියයක් පමණ වේ. සැකකරු විසින් මිතුරෙකුගේ මාර්ගයෙන් රන්මාලය මොනරාගල නගරයේ පුද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස්කර තිබූ කුවිතාන්සියද පොලීසිය මඟින් සොයාගෙන ඇති අතර අධිකරණ නියෝගයක් මත එය ලබාගැනීමට පොලීසිය කටයුතු කරගෙන යයි.
මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එස් චාමින්ද සංජීව මහතා ඇතුළු පිරිස සැකකරු අත්අඩංගුවටගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාමා ලේලියගේ රන් මාලය උස්සලා