දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු අටදහසක් දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට තනතුරු පුරප්පාඩු අට දහසකට අධික ප්‍රමාණයක් පවතින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය ප්‍රකාශ කරයි. 25 October 2022
ඩොල්පින් විනාශය ගැන පරීක්ෂණ ඇරඹෙයි පුත්තලම කල්පිටිය වෙරළ තීරයේ සිදු වන්නේ යැයි කියන සමුද්‍රීය පරිසර හානිය සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 25 October 2022
ධීවරයන්ට අනතුරු ඇඟවීමක් උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ‘සිට්රෑන්ග්’ සුළි කුණාටුවේ බලපෑම නිසා උතුරු බෙංගාල බොක්ක ආශ්රිත ගැඹුරු මුහුදු ප්‍රදේශයේ කටයුතු කරන ධීවර ප්‍රජාව විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 October 2022
කරස්නාගල ජල ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡා ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක ජනතාවට පානීය ජලය සැපයීම පිනිස ඇරඹා ඇති කරස්නාගල ජල ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කොට ඇත. 25 October 2022
යාල කැලේ යකා නැටුම නොවැලැක්වූ නිලධරයන්ගේ සේවය අත්හිටුවයි යාල වනෝද්‍යානයේ අධික වෙිගෙන් වාහන ධාවනය කරමින් ඝෝෂා කරමින් අනිසි ලෙස හැසිරුණ කල්ලියක් නොවැලැක්වූ සංචාරක මඟ පෙන්වන්නන් සහ වන නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇතැයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පවසයි. 25 October 2022
තෙවැනි චාල්ස් රජු බ්‍රිතාන්‍ය නව අගමැති පිළිගනී බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රිෂි සුනාක් තෙවැනි චාල්ස් රජු නිල වශයෙන් නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට නියමිතය. 25 October 2022
වැස්ස අඩුවෙයි රට පුරා වැසි තත්වය තරමක් දුරට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 October 2022
එක්සත් ජනපද විදුලි ඉංජිනේරුවා මරා වළ දමලා ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික විදුලි ඉංජිනේරුවකු ලෙස සේවය කර විශ්‍රාම ලබා මෙරටට පැමිණ සිටි 72 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කර මැල්සිරිපුර ප්‍රදේශයේ ඔහුට අයත් වත්තේ වළ දමා තිබියදී සොයා ගත් බව මැල්සිරිපුර පොලීසිය පවසයි. 24 October 2022
ජනපති දීපවාලී සමරයි දීපාවලී සමරු උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 24 October 2022
මහා බ්‍රිතාන්‍යයේ පාලනය රිෂි සුනාක්ට තම ප්‍රතිවාදියා වූ පෙනී මෝර්ඩන්ට්ද කන්සර්වටිව් නායකත්ව තරඟයෙන් ඉවත් වීමත් සමඟ හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනාක් කන්සවර්ටිව් පක්ෂයේ නව නායකයා ලෙස තේරී පත් විය. 24 October 2022
’’ පුරවැසි ගැටළුව පාර්ලිමේන්තුවට අයිති නෑ’’ ද්විත්ව පුරවැසිභාවය දරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුත්තේ පාර්ලිමේන්තුව නොව මැතිවරණ කොමිෂන් සභාව බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. 24 October 2022
පැය 2ක විදුලි කප්පාදුව තවත් දින 2ක් පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (25 සහ 26) ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (24) පස්වරුවේ පැවසීය. 24 October 2022
චන්ද්‍රිකා ඝාතන තැතේ චූදිතයන් තිදෙනාට ජනපති සමාව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට තැත් කිරීමේ චූදිතයින් බවට පත්වී බන්ධනාගාරගත වූ රැඳවියන් තිදෙනෙකු ඇතුළු දෙමළ සිරකරුවන් අට දෙනකුට ජනාධිපති සමාව පිරිනමා ඇත. 24 October 2022
ද්විත්ව පුරවැසියන් මැති සබෙන් යා යුතුයි ද්විත්ව පුරවැසිකම සහිත මන්ත්‍රීවරුන් ඉවත් විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 24 October 2022
ත්‍රීරෝද ඉන්ධන කෝටාව දෙගුණ කරයි ත්‍රිරෝද රථ සඳහා වන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබාදී තිබේ. 24 October 2022
ප්‍රසන්න ගේ රහස් ඡන්දයේ ප්‍රතිඵලය එයි ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව තීරණය කිරීම සඳහා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ දී විමසූ රහස් ඡන්ද ප්‍රතිඵලය තමා වෙත ලැබී ඇති අතර එම දේශපාලන මණ්ඩල සභිකයන්ගෙන් අතිබහුතරයක්ම පවසා ඇත්තේ මේ මොහොතේ වත්මන් ජනාධිපතිවරයා සමඟ වැඩ කළ යුතු බවයැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 24 October 2022
සොරුන් නිසා ජාතික රෝහලේ අනාරක්ෂිත තත්වයක් රෝගීන් බැලීමට මෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන ඇතැමුන් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකතන සහ රන් ආභරණ සොරාගෙනයාම හේතුවෙන් රෝහල තුළ දැඩි අනාරක්ෂිත තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. 24 October 2022
රජයේ ඉඩම් බෙදීමේදී දූෂණ වංචා රජ වෙලා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් බෙදීමේදී සිදුවී ඇතැයි පැවසෙන බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) දැඩි අප්‍රසාදය පළවිය. 24 October 2022
හර්ෂණට සජබෙ තනතුරක් සමගි ජන බලවෙිගයේ පළාත් පාලන කම්ටු සභාපති වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පත් කරනු ලැබ තිබෙි. 24 October 2022
21ට ඡන්දය නොදුන් මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව ගම්මන්පිල ඉල්ලයි ද්විත්ව පුරවැසියන්ට දේශපාලන තනතුරු දැරීමට ඇති අයිතිය අහිමි කිරීමෙන් මවුබිම විදේශීය ග්රහණයෙන් මුදවා ගැනීම සඳහා ඉවහල් වුණු විසිඑක්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත අනුමත කිරීම සඳහා පැවති ඡන්ද විමසීමට සහභාගී නොවූ මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හැකි ඉක්මනින් ලබා දෙන්නැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීවරයාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කළේය. 24 October 2022
යාලේ දී සතුන්ට වධ දුන් කල්ලියකට නඩු යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින් පිරිසකට එරෙහිව නඩු පැවරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙි. 24 October 2022
ඉඩම් කොමිසමේ අක්කර 6ක් බදු ඔප්පුවක් නැතිව සමාගමකට දීලා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකට බදු ඔප්පුවක් නොමැතිව අක්කර හයක ඉඩමක් පවරා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දැඩි අවධානය යොමුවිය. 24 October 2022
රිෂී සුනාක් බ්‍රිතාන්‍ය අගමැති වන ලකුණු බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කන්සර්වටිව් පක්ෂ නායකත්ව තරඟයෙන් ඉවත් වීමත් සමග රිෂි සුනාක් මීළග කන්සර්වටිව් පක්ෂ නායකයා ලෙස පත්වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති. 24 October 2022
බොරතෙල් මිල පහළට ලෝක බොරතෙල් වෙළඳපොලේ අද(24) බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් පහළ ගියේය. 24 October 2022
අහුංගල්ල වෙඩි තැබීමට තවත් අයෙක් අත්අඩංගුවට අහුගල්ල සංචාරක හෝටලයක් අසලදී ඉකුත්දා යුද හමුදාවට අයත් ටී 56 ගිනි අවියකින් පුද්ගලයකුට වෙඩි තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් රඹුක්කන වාගොල්ලවත්ත ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 24 October 2022
ලිට්රෝ තවත් කෝටි 750ක් භාණ්ඩාගාරයට ගෙවයි ගෑස් සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70 ක (රුපියල් කෝටි 2600) ණය මුදලින් තවත් රුපියල් කෝටි 750 ක් භාණ්ඩාගාරයට ගෙවූ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 24 October 2022
කුස්සියේ බර තව ටිකක් අඩුවෙයි ලිට්රෝ ගෑස් මිල ලබන නොවැම්බර් මස ජනතාවට දැණෙන මුදලකින් අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (24) පැවසීය. 24 October 2022
රුසියන් ජෙට් යානයක් සයිබීරියාවට කඩා වැටෙයි රුසියන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් උතුරුදිග සයිබීරියාවේ ඉර්කුට්ස්ක් නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලක් මතට කඩා වැටුණි. අනතුරින් යානයේ නියමුවෝ දෙදෙනාම ජීවිතක්ෂයට පත් වූහ. 24 October 2022
අරගලයේ ප්‍රචණ්ඩකාරීන්ට පාපොච්චාරණයට ඉඩ අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කර තම දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ කළ කණ්ඩායම් වලට අවශ්‍ය නම් පාපොච්චාරණයක් සිදු කර රටෙි ඉදිරි ගමනට එක්වීමට අවස්ථාව තිබෙන බවද ජනාධිපතිවරයා කීය. 24 October 2022
නෙවිල් ප්‍රනාන්දු රෝහලට හිතුමතේට කෝටි 218ක් දීලා සයිටම් ආයතනය සමග හෝ නෙවිල් ප්‍රනාන්දු රෝහල සමග කිසිදු ගිවිසුමකට එළඹීමකින් තොරව 2017 වසරේ සිට 2022 දක්වා කාලයේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වියදම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් කෝටි 218ක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත. 24 October 2022
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026