මෙරට සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක්
ඖෂධ, භාවිත කිරීමෙන් පසු ඉවත දමන වෛද්‍ය උපාංග හිඟය සහ විදුලි කප්පාදුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවත් ඒ හේතුවෙන් හදිසි මෙන්ම සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන්ට බලපෑම් එල්ල වී ඇති බවත් රතු කුරුස සංවිධානය ඔක්තෝමබර් මාසයේ නිකුත් කළ සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.