
(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (20) අවසන් වරට නියෝගයක් නිකුත් කළේය.
අධිකරණයේ නඩුව විභාග වන අවස්ථාවේදී පැමිණීලිකාරිය පෙනී නොසිට සෑම දිනකම නිතීඥවරයකු පෙනී සිටීම නිවැරදි නොවන බවත් පැමිණීලිකාරිය අධිකරණයේ පෙනී සිටිය යුතු බවත් සදහන් කළ මහේස්ත්‍රාත්වරයා එසේ නොකළ හොත් විත්ති පාර්ශ්වයට එය අගිතයක් වන බව සදහන් කරමින් අවසන් වරට පැමිණීල්ලට මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ සැකකාර 2019 ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජුලි හා නිරූපන ශිලප්ණී චූලා පද්මේන්ද්‍ර යන මහත්මීන් ඇප මත සිටිමින් අද (20) අධිකරණය හමුවේ පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පින්තූරය හැටියට නම් නාකි හම්පඩ වැඳිරියක් වගේ..මේ ඇත්තටම විවාහක රූ රැජිනද?
රෑප සුන්දරී ලග නීතිය නැමෙනවා. වෙන කෙනෙකුට නම් වරෙන්තු කරලා නේද, මේ අපරාධමය දෙයක්