
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තරය කුමක් කීවත් කුමක් සිදුකළත් ශ්‍රී ලාංකික මහජනතාව ශ්‍රී ලංකාවත් සමඟ සිටගත යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිටගෙන සිටින්නේ ලෝකයත් සමඟ නොවෙියැයිද එතුමා සෑම වෙලාවකම සිටගත්තේ ශ්‍රී ලංකාවත් සමඟ බව කී අබෙිවර්ධන මහතා එමෙන්ම විපක්ෂයත් සිට ගත යුත්තේ ලෝකයත් සමඟ නොව ශ්‍රී ලංකාවත් සමඟ යැයි වජිර අබෙිවර්ධන මහතා කීය.
ආර්ථික, සමාජ සහ දේශපාලන වශයෙන් ඉතාමත් නරක තැනක තිබූ රට ඉතාමත් කෙටි කාලයකදී නැවතත් හොඳ තත්ත්වයකට පත්කර ගැනීමට හැකිවූයේ රට ගොඩගැනීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල නිසා බව ද අබේවර්ධන මහතා පැවසීය.
පිටකෝට්ටෙි ජාතික සේවක සංගම් ශාලාවේ පැවැති එජාප කොට්ඨාශ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී වජිර අබේවර්ධන මහතා මෙි බව කීය.
ජනපති ගෙන යන වැඩපිළිවෙල දරාගත නොහැකි පුද්ගලයින් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඒ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට උතසාහ ගනිමින් සිටින බවද, එම වැඩපිළිවෙල ආරක්ෂා කර ලංකාව ලෝකය හමුවේ ඔසවා තැබීමට සමස්ථ ජනතාව ඉදිරියට පැමිණිය යුතුව තිබෙන බවද අබේවර්ධන මහතා අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේද රටට හොඳ වුණේ..? ලංකාවේ පවුල්වලින් 48% කටම කන්න නැතිලු...
රනිල් රට හදයි කියලා ඒ දවස උදාවෙනකල් බලාගෙන ඉන්න එකම පුද්ගලයා කොටවජිර...
මිනීමරු, අසික්කිත, හොර ජනාධිපතිත් එක්ක නුඹලා ඔක්කොම හෙළුවෙන්...!!! අසික්කිත පැහැර ගස්බල්ලන් රැල...!!! කකුළුවත් හැලියේ වතුර උතුරලා නටන කම් " ශෝක් වතුරටික.." කියලා කීවලු. ඔහොම නටාපල්ලා ...වතුරටික උතුරනකම්...!
හිටගෙන හිටියට කලිසම හැලෙනවා...
එයා හිතන් ඉන්නේ හොරුත් එක්ක හෙළුවෙන් කියලා...
පින් ජනපතියා හිටගෙන ඉන්නේ ලංකාවත් එක්ක නම් ඡන්දෙ තියලා... ජනතා පරමාධීත්වයට ගරුකරන්න එපැයි... ලෝකෙම දන්නවා කරන්නේ දූෂිත පවුල් පාලනේ අයව, දූෂිත දේශපාලුවන් රකින එක කියලා...
පිනා ජනාධිපති හිටගෙන ඉන්නේ කාත් එක්කද කියලා මුළු රටම දන්නවා... ජනතාව ළඟදීම ඔය පිනා ජනාධිපතියව එළවනවා.
ජාත්‍යන්තරය ඕනෑ නැතිනම් IMF ගියේ මොකද? ඔය ගොන් කතා දැන්වත් නවත්තලා වැඩදායී යමක් කියන්න පුරුදු වෙන්න...