
(ඩයනා උදයංගනී)
පවුලෙන් පවුලට බලය මාරු වූ වරිග සභා දේශපාලනය මේ වන විට අවසන් වී ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ඒ අනුව නාමල් රාජපක්ෂ පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් වී සාමාන්‍ය මිනිස්සු අතට රටේ ඉරණම තීරණය කිරීමේ බලය ලැබීමේ යුගය උදාවී ඇති නිසා ඔහු වෙන රස්සාවක් සොයාගත යුතු බවත් වීරවංශ මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ පොල්ගහවෙල නගර ශාලාවේදී ඊයේ (19) පැවති නිදහස් ජනතා සන්ධානයේ ඇතුගල්පුර ක්‍රියාකාරී හමුවට එක්වෙමිනි.
‘ස්මාර්ට් පොලිටීෂියන්ස්ලා අවශ්‍ය බව තරුණ පරම්පරාව කීවත්, හිටපු මුදල් අමාත්‍යවරයකු වන යූ. බී. වන්නිනායක මහතා වැනි ‘ස්මාර්ට් පොලිටීෂියන්ලා 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දුන් පසු රටට අහිමි වූ බව ද කීවේය
බල්ලන් මරා හෝ මුදල් සොයන සංස්කෘතිය ආ පසු රටේ දේශපාලන පිටියේ ඉඩ ලැබුණේ ජොනීලා වැනි ව්‍යාපාරික ජාලවලට බව කී මන්ත්‍රීවරයා එම ක්‍රමය වෙනස් කර නැවත ආදර්ශ වපුරවන දේශපාලනය පොළොවට රැගෙන ආ යුතු බවත්, එය කළ හැකි නායකයන් නිදහස් ජනතා සන්ධානයේ මුල් පුටුවල සිටින බවත් පැවසීය.
ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීමෙන් පසු ‘ණයට අරන් - සැපට කාලා - ජොලියෙ ඉඳලා - අනාගත පරපුර බිල්ලට දීමේ වැඩපිළිවෙල යළිත් ඉදිරියට ගෙනයාමට උත්සාහ ගන්නා බව ද හෙතෙම කීය.
රට ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය වන්නේ නිවැරැදි, නිර්ප්‍රභූ දේශපාලන නායකත්වයකට බව ද වීරවංශ මහතා සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරිග සභා අහෝසි කරනවා වගේම සුදුස්සාට සුදුසු තැනක් ලැබෙන ක්‍රමයක් හදන්න ඕන රටේ ඉහළම තනතුරු සදහා පත්වෙන සේවාවල පත්වීම් දේශපාලන හිතවතුන්ට දීම නවතා විභාග දූෂණ නැතිවෙන ආකාරයට විභාග පවත්වා බදවා ගැනීම කරන්න ඕන ඒ වගේම විදේශ සේවය සදහා බදවා ගැනීමත් දක්ෂයාට මෙන්ම සුදුසුකම් ඇති අයට දෙන්න ඕන එහෙම කරනවානම් ජනතාව ඔහේලට කැමැත්ත දේවි.
එදා ගිරිය පුප්පාගෙන වේදිකා දෙවනත් කරලා,බොරු ජාතිවාදය ආගම්වාදය අවුස්සා,රාජපක්ෂ පවුල් පාලනය රටේ රජ කෙරෙව්වා.ඔවුන් එක්කම හොඳින් කාබී නටා ඔවුන්ගේම පදේට රෙදි නැතිව නටා දැන් ඔවුන්ට පලුයන්න බනිනවා.ඔබලා සෙට් එකම ගැන මේ රටේ ජනතාව හොඳින්ම දන්නවා.මොකද ඔවුන් ඒවා නොදන්න මැරිලා ඉපදුනේ නැහැ.ඔහොම සෙට් එකම යන්නකෝ.ජනතාව හොඳ පරිප්පුවක් තමුන්ලාට දේවි. ඒක ෂුවර්.
මෙම රටේ මිනිස්සු, විමල්, උදය ගම්මන්පිල වගේ මිනිස්සුන්ට රටේ නායකත්වයට ඒමට සුදුසුකම් නොමැත...
ජාතිවාදයට එහෙනම් තවමත් ඉඩ තියෙනවාද? චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රාජපක්ෂලා බලයට ගෙනාවේ කව්ද?...
වරිග සභාවේ මුර බල්ලන්ට ස්වාමිය අමතක වෙලා...
වලිගේ ගිනි අරන් වගේ...
බල්ලෝ මරලා මුදල් හොයපු අය තමයි...
එතකොට මහින්දගේ සාටකේ හෝදලා සට්ටන් රාළ වැඩේත් කරලා වරිගෙ පෝෂණය කරපු අයට මොකද වෙන්නේ?
ලෙමන් පෆ් කකා බොරුවට උපවාසේ කරපු හැටි මතක් වෙනවා. ඒ වගේම මහින්දගේ සාටකේ එල්ලිලා ඇමතිකම් අරගෙන, බඩ වඩාගත්තු, දූෂණ වංචාවලින් ගොඩගිය කෙනෙක් කියන කතා මරු..
මුන් ටිකත් මහින්දට, නාමල්ට සහයෝගය දීලා ණය අරන් ගෙවල් බෙදාගෙන සැපේ හිටපු එවුන්නේ
මෙයාට රාජපක්ෂලාගෙන් තොරව දේශපාලන ගමනක් නැහැ.මෙයා නියම ගේම්කාරයෙක්.භයානක මිනිහෙක්.මෙයාගෙන් පරිස්සම් වෙන්න සියලුම ජනතාව.
ඔයා කටින්ද ඔක කිවුවෙ.
මෙයා ඉන්නවනම් එතන ප්‍රොඩාව සහ රැවටීම නිසෙකයි. මුන් මුන්ගෙ වාසියට වැඩ කරගන්න අපතයො.