IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දැඩි කොන්දේසි මත ඉන්දීය ධීවරයින් 12 ට නිදහස

(රොමේෂ් මධුෂංඛ )

යාපනය පේදුරුතුඩුව කොලොම්බුතුරෙයි මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු දැඩි කොන්දේසි මත නිදහස් කිරීමට පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් පොන්නතුරෙයි ක්‍රිෂාන්තන් මහතා නියෝග කළේය.

අවුරුදු එකහමාරක් අවුරුදු 10 ක් දක්වා අත්හිටවූ සිරදඩුවමකට යටත්ව අදාල ධීවරයින් නිදහස් කිරීමට මහෙස්ත්‍රාත් වරයා නියෝග කොට සිටියේය.

පසුගිය 12 වනදා ධීවර යාත්‍රාවක් සමගින් ධීවරයින් 12 දෙනෙකු සමගින් උතුරු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන යාපනය ධීවර හා ජලජ සම්පත් නිලධාරීන්ට භාර දීමෙන් පසුව එම නිලධාරීන් විසින් ධීවරයින් පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් බන්ධනාගාරගත කෙරුණි.

එමෙන්ම ඉන්දීය ධීවරයින්ට කිසිදු ලෙසකින් උතුරු මුහුදු සීමාවට ඇතුල් නොවන ලෙසටද දැඩි ලෙස අවවාද කොට මුදා හැරීමටද පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් වරයා නියෝග කරනු ලැබීය.

දැඩි කොන්දේසි මත නිදහස් කරන ලද ධීවරයින් ඉදිරියේදී යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලය හරහා නාවික හමුදාවේද සහය ඇතිව ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන්ට භාරදීමට නියමිතව ඇත.

 



අදහස් (0)

දැඩි කොන්දේසි මත ඉන්දීය ධීවරයින් 12 ට නිදහස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site