IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දේවාලයක් පෙන්නා කසිප්පු පෙරලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම පිටිපන ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය කපු මහතකු රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් කසිප්පු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන දක්ෂිණාරාම පාරේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන යන බවට පොලීසියට ලද තොරතුරකට අනුව දූෂණ මර්දන මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජන්ත ප්‍රභාකර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෙම නිවස වටලා පරීක්ෂා කිරීමේදී නිවසේ මුළුතැන් ගෙයි විශේෂිතව සැකසු ස්ථානයක තබා කසිප්පු පෙරීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකිවිය.

පසුව මුළු තැන් ගෙයි පෝරණුවක් මත ප්ලාස්ටික් බූලි තුළ බහා තිබී කසිප්පු ස්ප්‍රීතු මිලිලීටර් 135,000 ද , නිවෙස පිටුපස මඤ්ඤොක්කා සහ කහ වගාවක් මැද ඉතා සූක්ෂමව පොළොව යට වළලා තිබී ගෝඩා මිලිලීටර් 11,35,000 බැරල් 06 ද ගෑස් ලිපක් , සිලින්ඩරයක් දගර ඇතුළු උපකරණ තොගයක් ද භාරයට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් කසිප්පු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට අධික බවත් සැකකරු තලගල මොරගහහේන ඇතුළු ප්‍රදේශ රැසකට මෙසේ කසිප්පු බෙදාහැරි බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය කියයි.

නීති විරෝධී මත්පැන් ඉස්කාගාරය පවත්වාගෙන ගිය නිවෙස ඉදිරිපිට සැකකරු විසින් දේවාලයක් පවත්වාගෙන යන අතර එහි භාරකරු ලෙස ද මොහු කටයුතු කරන බව පැවසේ.

 



අදහස් (0)

දේවාලයක් පෙන්නා කසිප්පු පෙරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site