IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘‘පතෝල න්‍යාය එපා‘‘

(මුදිතා දයානන්ද)

පතෝල වගේ නොඉඳ තමන්ගේ  වගකීම් ඉටු කරන්න ඉඩ නොදෙන අයට එරෙහිව අධිකරණයට යාම හෝ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මැදිහත් වීම කරන ලෙස ජාතික ජනබලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා මැතිවරන කොමිසමෙන් ඉල්ලා සිටියේය.

තමන්ගේ වගකීම ඉටු කරන්න ඉඩ නොදිම ගැන අධිකරෙණයට නොයා, පොලිසියේ පැමිණිල්ලක් දාලා ඇඟ බේරා ගැනිමට කොමිසම කටයුතු කරන නිසා ආණ්ඩුවට තමන්ගේ අරමුණ ඉටු කරගන්න පහසු වී ඇතැයිද ඔහු පැවසීය.

අද මධ්‍යම රාත‍්‍රියෙන් පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වෙනවා. ඒ නිසා වසරකින් කල්දමා තිබු පළාත් පාලන මැතිවරණය අදට කලින් පැවැත්විය යුතුව තිබුණා. නමුත් ජනාධිපති ප‍්‍රමුඛ ආණ්ඩුව එය කල්දැමීමට ගත හැකි උපරිම ක‍්‍රියාමාර්ග ගත්තා. අවසානයේ මැතිවණයට අවශ්‍ය මුදල් නොදී මගහැරියා. එයට එරෙහිව දුන් අධිකරණ තීන්දුවත් අද නොසලකා හරිමින් සිටිනවා. ඒ විතරක් නෙවෙයි අධිකරණ තින්දුව මගින් පාර්ලමේන්තු වරප‍්‍රසාද කඩ වුණා කියලා දොළවත්ත හා සේමසිංහ මන්ත‍්‍රීවරු වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කරලා නීතිය හෑල්ලූවට ලක් කරමින් සිටිනවා. මේක බරපතල තත්වයක්. අධිකරණ තීන්දුවෙන් කලේ පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල ශක්තිමත් කිරිමයි. ඒ බලය පැහැර ගන්න මුදල් ලේකම්වරයාට හෝ ඇමතිවරයාට හැකියාවක් නැහැ.

ඔහු මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

 



අදහස් (3)

‘‘පතෝල න්‍යාය එපා‘‘

ANURA ROME Sunday, 19 March 2023 06:12 PM

මේ අපේ මවුබිම විනාශ කරන කාලකණ්ණි අපතයින්... මොවුන් මේ රටින් අතුගාලාම දාන්න ඕනෑ...

:       0       1

ruwan Sunday, 19 March 2023 10:36 PM

ඇත්තටම නුඹලාට මිසක් රටේ මිනිස්සුන්ට නෙවෙයි බන් ඡන්දයක් ඕනේ...

:       0       0

Bamunuarachchi Monday, 20 March 2023 08:07 AM

මොකද තුන්ඩු කෑල්ලේ න්‍යාය හොඳද? බොර දියේ මාළු බාන්න හදන්න එපා දැන් වතුර පැහැදිලි වේගෙන එනවා. එතකොට මාළු කොටන්න පටන් ගනීවි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site