(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අසනීපව රෝහල් ගතවූ විශ්‍රාමික බැංකු නිලධාරියාගේ ඒ ටි එම් කාඩ්පතින් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වරින් වර හොර රහසේ ලබාගත් මෙහෙකාරිය ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර මෙහෙකාරියගේ දියණිය සහ බෑණා ද වන බව පොලිසිය කියයි.
තමන් අසනීපව රෝහල්ගතව සිටින අවස්ථාවේදී ඇති වූ මුදල් අවශ්‍යතාවයට වසර 11ක කාලයක් තම නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ කාන්තාවට තමන්ගේ ඒ.ටි.එම් කාඩ් පත සහ එහි රහස් අංකය ලබා දි තම අසනීපයට අවශ්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා මුදල් වියදම් කරන ලෙස දැනුම් දුන් බවත් එම මෙහෙකාරිය විසින් තමන්ට හොර රහසේ රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වරින්වර ලබාගෙන ඇති බව සුව වී නිවසට පැමිණි පසු තමන්ට දැනගන්නට ලැබුණු බව විශ්‍රාමික බැංකු නිලධාරියෙකු පැමිණිල්ලක් කළ බව පොලිසිය කියයි
තමන්ගේ බැංකු පොතේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් තිබුණු බවත් දරු දෙදෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදී ඉතිරි මුදල් බැංකු ගත කර තිබූ බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිස් නිලධාරියකු පැවැසීය.
අදාල පැමිණිල්ල අනුව විමර්ශන පැවැත්වීමේ දී සැකකාරිය මාස හයක 6 ක පමණ කාලයක සිට බැංකු නිලධාරියාගේ ඒ ටි එම් කාඩ්පතින් මුදල් ලබාගන්නා අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව ඇතැයි පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් මෙහෙකාරිය ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම ඒටීඑම් කාඩ් පත තම දියණිය සහ බෑනා අතට ද පත් කළ බවත් ඔවුන් විසින් රන් ආභරණ මිලදී ගැනීම මෙන්ම නිවසක් කුලියට ගැනීමට එමගින් ලබාගත් මුදල් යෙදවූ බවත් තම මවගේ නිවස අලුත් අලුත්වැඩියා කිරීමට එකී මුදල් යොදා ගත් තවත් ඊට අමතරව විනෝද සවාරි යාමට මෙන්ම ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට ද මුදල් යෙදවු බවත් ප්‍රකාශ කල බව සැකකාරියන් සහ සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා සහ සැකකරු මොරටුව එගොඩ උයන මෝදර පදිංචිකරුවන් ය.
2025 දෙසැම්බර් මස 18
423
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙහෙකාරිය ස්වාමියාගේ බැංකු කාඩ් පතෙන් ලක්ෂ 50ක් ඇදලා
PRASANNA Monday, 20 March 2023 02:38 PM
මොලේ ඇලේ දාන්න ඕනෑ...
පොඩිඑකා Monday, 20 March 2023 03:29 PM
ගෙදර වැඩකාරියට ඒ ටී එම් එකේ රහස් අංකය සහ විස්තර ලැබුනේ ඇයි කියන එක තමයි ප්‍රහේලිකාව ..
ගමේ එකාලාMonday, 20 March 2023 07:06 PM
මෙහෙකාරිය අවුරුදු 11ක් ස්වාමියාගේ හිත දිනාගෙන ඉන්න ඇති...
de silva Monday, 20 March 2023 03:35 PM
විශ්‍රාමික බැංකු නිලධාරියෙක්...?