
(හේමපාල ලියනගේ)
මාපලගම කැටගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාම හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මෙම තුවාලකරුවන් උඩුගම රෝහලට ඇතුලත් කරන ලදුව බරපතල තත්වයේ පසුවූ තුවාලකරුවන් තිදෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.ඉන් අසාධ්‍ය තත්වයේ පසුවූ එක් අයකු දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබූබව රෝහල් ආරංචි මාර්ග පවසයි.
තුවාල කරුවන් සිව්දෙනකු තවලම ඇලඉහල පදිංචිකරුවන් වන අතර එක් අයකු මාපලගම අළුත්ඉහල පදිංචි කරුවෙකි. ඔවුහු අවුරුදු 21,27,32,34,24, යන වයස්වල පසුවූවෝ වෙති.
පරණතානායම්ගොඩ ප්‍රදේශයේ පැවති පිරිත් ගෙදරක ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් එක් අයකුගේ නිවසට පහරදී අලාබ සිදුකිරීමට පළිගැනීමක් ලෙසට මෙම ප්‍රහාරය එල්ල කර ඇතිබව පැවසේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු ප්‍රදේශය හැර ගොස් ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
423
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙපිරිසක් ගැටී පහක් රෝහලේ