
(යොහාන් භාසුර)
රාජ්‍ය වෙසක් (2023) මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීමට බුද්ධ ශාසන අමාත්‍යංශය තීරණය කර තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් රටපුරා බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සැලසුම් කළ බවත් ඒ සඳහා ජාතික තලයේ මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ ආයතන සමඟද ඒකාබද්ධ වෙමින් කටයුතු කරන බවත් වැඩසටහන පිළිබඳව පැහැදිලි කළ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේය.
රාජ්‍ය වෙසක් උළෙලට වෙසක් පුර්ව වැඩසටහන්,වෙසක් සතිය තුළ ක්‍රියාත්මක රාජ්‍ය වෙසක් දින උත්සවය හා වෙසක් පෝය දින වැඩසටහනට ඇතුලත් වේ.
ඒ සඳහාවන විශේෂ සාකච්ඡාවක් පත්තඩුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණි.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය,පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හලාවත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ තවත් රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව මෙවර වෙසක් උත්සවය සංවිධානය කරයි.
පත්තඩුවන භික්ෂු පුහුණු ආයතනයාධිපති හිටපු අධ්‍යාපන උපදේශක අධ්‍යාපනවේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමිපාණන් වහන්සේ, දියකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ ලේඛකාධිකාරි අත්තංගනේ සාසනරතන ස්වාමින් වහන්සේ,කුලියාපිටිය අස්වැද්දුම ශාසනාලංකාර පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහනිකායේ ත්‍රිපිටක අධ්‍යපන අංශාධිපති පල්ලේකාගම රතනභාරති ස්වාමින් වහන්සේ,හලාවත කැබැල්ලෑවල රතනසිරි පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඥ මහනිකායේ නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි පුත්තලම දිස්ත්‍රික් සාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති හාල්පන්විල පාලිත ස්වාමින් වහන්සේ,හලාවත පුත්තලම දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක, පුත්තලම දිස්ත්‍රික් ශානාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි දේශකීර්ති, ආරච්චිකට්ටුව කරුක්කුව ශ්‍රී ජයතිලකාරාමයේ විහාරාධිපති පූජ්‍ය නවදන්කුලමේ මේධානන්ද ස්වාමීන් වහන්සේ,පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල සභාපති ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය,අන්‍ය ආගමික පුජකවරුන්,ස්වදේශ කටයුතු නියෝජ අමාත්‍ය අශෝක ප්‍රියන්ත,ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, හිටපු විදේශ කටයුතු නියෝජ අමාත්‍ය නියෝමාල් පෙරේරා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම,පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු සහ විවිධ රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.


2025 දෙසැම්බර් මස 18
417
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය වෙසක් උළෙල පුත්තලමට