
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය,එස්.යු.ඩබ්ලිව්.කේ ජයවර්ධන,ආනන්ද ඊ ජයකොඩි සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)
අත්තනගල්ල ප්‍රදේශයේ විදුහලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට වට්ස්ඇප් මාර්ගයෙන් සිය නිරුවත ඡායාරූප යැවූ බව කියන එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ කියයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි දෙදරු පියෙකි.
වට්ස් ඇප් මගින් සිසුවියට සිය නිරුවත පෙන්වීම ට අමතරව පාසල් කාලය අතරතුර දී මෙම සිසුවිය නිල කාමරයට කැඳවා ලිංගික අතවර සිදුකර ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සිසුවිය සතුව තිබූ ජංගම දුරකථනයේ නිරුවත් ඡායාරූපයක් තිබෙනවා දුටු එම සිසුවියගේ මව ඒ ගැන සිය දියණියගෙන් තොරතුරු විමසා කරුණු අනාවරණය කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුව මව දියණියද කැටුව ගම්පහ පොලිස් ළමා ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ මේ ගැන පැමිණිලි කර ඇත.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිදේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ බස්නාහිර උතුරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ළමා හා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මතගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී උපාලි කාරියවසම් මහතාගේ මෙහෙයුම යටතේගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් දැරියට අමුතු පාඩමක් කියා දුන් නියෝජ්‍ය විදුහල්පති අල්ලයි
Senarath Friday, 17 March 2023 08:59 AM
මෙක විදුහල්පතිවරෙයෙක් තියා සමාන්‍ය උපගුරු කමකටවත් සුදුසු කෙනෙක් නෙමේ. මොහු මුලු ගුරු සන්හතියටම නින්දාවක්.
පිටිගල මිලානෝ Friday, 17 March 2023 01:19 PM
පුවතෙන් වැඩිහරියක් තියෙන්නේ රාලහාමිලාගේ නම්. හරියට අර රාජපස්සලා වැසිකිලියක් විවෘත කලාම ගහන පුවරුවක් වගේ…