නිසි පෝෂණයක් නැති නිිසා ළමුන් ක්ලාන්ත වීම සාමාන්‍ය දෙයක් පසුගිය මාස කිහිපයේදී කොළඹ නගර මධ්‍යයේ පිහිටි රජයේ පාසලක, පන්තිය මැදදී ළමුන් ක්ලාන්ත වීම සාමාන්‍ය දෙයක් බවට පත් වූ බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය පවසයි. 28 October 2022
එංගලන්ත - ඕස්ට්‍රේලියා තරගය ප්‍රමාදයි මෙල්බර්න් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඇදහැළෙමින් පවතින වර්ෂාව හේතුවෙන් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයේ ආරම්භය ප්‍රමාද වී තිබේ. 28 October 2022
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තීරණාත්මක සාකච්ඡාවකට දින දෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතය. 28 October 2022
සයිකල් සිකුරාදාවක් ප්‍රකාශයට පත්කරයි සතියේ එක් දිනක් පා පැදියෙන් සේවයට පැමිණීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. 28 October 2022
අධිකරණ පනත් නවයක් 10 වෙනිදා විවාදයට අධිකරණයට සම්බන්ධ පනත් නවයක් ලබන 10 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 28 October 2022
ශ්‍රී ලංකාව හා ගණුදෙනුවලට බංග්ලාදේශ මහ බැංකුවෙන් සීමා ’’ආසියානු නිෂ්කාශන සංගමය’’ ගෙවීම් යාන්ත්‍රණයෙන් ශ්‍රී ලංකාව තාවකාලිකව ඉවත් වී සිටීමට තීරණය කිරීම හේතුවෙන් එම යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු නොකරන ලෙස බංග්ලාදේශ මහ බැංකුව එරට බැංකුවලට දැනුම් දී තිබේ. 28 October 2022
දරුවන් අතරේ ඉන්ෆ්ලුවන්සාව වැඩි වෙලා ඉන්ෆ්ලුවන්සා රෝගය දරුවන් අතරේ වැඩියෙන් පැතිර යන ප්‍රවණතාවක් මතුව ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 28 October 2022
දින දෙකකදී ඩ්‍රෝන ප්‍රහාර 30 ක් ගතවුණු පැය 48 ඇතුළත රුසියානු හමුදාව, යුක්රේනයට ඩ්‍රෝන මිසයිල ප්‍රහාර 30 කට වැඩි ගණනක් එල්ල කළේ යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඊයේ (27) පැවැසීය. 28 October 2022
අයර්ලන්තය පියවරක් ඉහළට ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයේ එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලද බැවින් දෙපිලටම ප්‍රසාද ලකුණක් බැගින් ප්රදානය කෙරිණ. එහි ප්‍රතිඵලයක් ලෙස අයර්ලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පියවරක් ඉහළට ගියේය. 28 October 2022
කෘෂි ඇමැතිම බර කිරා යූරියා පෝර බාර ගනියි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 13,000 රැගත් පළමු නෞකාවේ පොහොර ගොඩබෑම අද (28) ආරම්භ කෙරිණි. 28 October 2022
දුෂ්මන්ත චමීරට ඕස්ට්‍රේලියාවේදී ශල්‍යකර්මයක් ඕස්ට්‍රේලියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටියදී ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පාදයක ශල්‍යකර්මයකට ඕස්ටේ්රලියාවේදී ලක්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය. 28 October 2022
ඇමෙරිකාවේ ක්‍රියාකලාපය ලෝක සාමයට තර්ජනයක් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන භයානකම දශකය මෙය යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි. රුසියන් ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම කළේ මොස්කව් අගනුවර පැවැති දේශපනයනක් අතරතුරේය. 28 October 2022
සජබ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය ඇරඹෙයි සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ සභාපතිත්වයෙන් ආරම්භ කෙරේ. 28 October 2022
ඇෆ්ඝනිස්ථාන - අයර්ලන්ත තරගය අතහැර දමයි මෙල්බර්න් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඇදහැළුනු වර්ෂාව හේතුවෙන් ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයේ එකම පන්දුවක් හෝ නොයවා අතහැර දමන ලදි. 28 October 2022
ඉලොන් මස්ක් ට්විටර් මිලදී ගනී ලොව ධනවත්ම පුද්ගලයා වන ඇමෙරිකන් ව්‍යාපාරික, බිලියනපති ඉලොන් මස්ක්, ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරිත්වය ලබා ගැනීමට අදාළ ගෙවීම් අවසන් කළේය. 28 October 2022
චීන ආධාර යටතේ තවත් ඖෂධ තොගයක් චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියරේ 2 වන කොටස ලෙස රුපියල් බිලියන 1.8 ක් වටිනා ඖෂධ තොගයක් ඊයේ (27) ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 28 October 2022
කොළඹ ප්‍රදේශ කීපයකට පැය 12ක් ජලය කපයි කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කීපයකට අද (28) රාත්‍රී 10.00 සිට පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. 28 October 2022
සා.පෙළ ප්‍රතිඵල ලබන 25 වැනිදාට පසු පසුගිය අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 25 වැනිදායින් පසුව ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. 28 October 2022
පැතුම් - ප්‍රමෝද් නැවත තරග බිමට විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආබාධවලට ලක්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ප්‍රමෝද් මධුෂාන් ඉදිරි තරගවලට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් පැවසීය. 28 October 2022
රජයේ වැඩපිළිවෙලට සජිත්ගෙන් චෝදනා වත්මන් රජය ඩොලර් අවශ්‍ය බව පැවසුවත් ඩොලර් උපයන සංචාර කර්මාන්තය, තොරතුරු තාක්ෂණය, ඇගලුම් ආදී අපනයන ක්ෂේත්‍ර සදහා විශාල ලෙස බදු පනවා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 28 October 2022
සජබ ආසන සංවිධායකට වසර 5ක අත්හිටවූ සිර දඬුවම් අයුතු ජනරාශියක් දේපළ හානි සිදුකිරීම චොදනා ලැබූ සමගි ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් හිටපු මන්ත්‍රි සජබ හලාවත ආසන සංවිධායක වරයාට වසරක බරපතල සිරදඬුවමක් දුන් හලාවත මහේස්ත්‍රාත් හා දිසාවිනිසුරු ඩී.ඒ.ඒ.බුද්ධදාස මහතා එය වසර පහකට අත්හිටුවන්නැයි නියෝග කළේය. 28 October 2022
දෙමටගොඩ රුවන්ගේ කෝටි 120 ගැන තවම විමර්ශන මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන් නමැත්තා මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් කෝටි 120 ක ට අධික දේපළ හා මුදල් අධිකරණයෙන් ලබාගෙන නියෝගයකට අනුව තාවකාලිව තහනම් කර විමර්ශන ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 28 October 2022
චීන යුවළක් කෝටි 1400 වංචා කරලා ක්‍රිප්ටෝකරන්සි මිළදීගෙන වැඩි ප්රතිලාභ ලබා ගැනීමට අරමුණින් මෙරට පුද්ගලයන් 8000 ක් පමණ දෙනා “ස්පෝට් චේන්” නැමැති පිරමිඩ් ජාවාරමට සම්බන්ධ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 28 October 2022
පළාත් කීපයකට වැසි ස්වල්පයක් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) වැසි වාර ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 October 2022
ඇමෙරිකා යන්න ආ රංජන් ගුවන්තොටෙන් ආපසු හරවයි ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙක් පැවසීය . 28 October 2022
රුපියල් කෝටි 4 ක වංචාවක් ගැන ප්‍රියමාලි තවත් පැමිණිල්ලක් අයෝජනය කර වැඩි ප්‍රථිලාභ ලබා දෙන බවට පවසා පුද්ගලයන් රටවා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාණ්ඩ් බාරයට පත්කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය රුපියල් කෝටි 4 ක මුදලක් වංචා කළ බවට පවසමින් මොරටුවේ ව්‍යාපාරිකයකු විසින් අද (27) ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 27 October 2022
කොළඹ පුරහල් භූමියෙන් සරු එළවළු අස්වැන්නක් ශ්‍රී ලංකාවට ඉදිරියේදී මුහුණදීමට සිදුවේ යැයි කියන ආහාර අර්බුදයට පිළියමක් ලෙස කොළඹ මහ නගර සභාව ආරම්භ කළ එළවළු වගා ව්‍යාපෘතියේ පළමු අස්වැන්න අද (27) පෙරවරුවේ නෙළුහ. 27 October 2022
අඩු බර පාන් හදන්නේ අමුද්‍රව්‍ය මිල වැඩිවීම නිසයි අඩු බරින් යුතු පාන් නිෂ්පාදනයට ඇතැම් බේකරි හිමියන් පෙළඹී ඇත්තේ තිරිඟු පිටි වල සහ සෙසු අමුද්‍රව්‍ය මිල අධික ලෙස වැඩි වීම නිසා සහ ඒවායේ හිගය නිසා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි. 27 October 2022
සිම්බාබ්වේ පිලට ලකුණක තියුණු ජයක් සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (27) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. 27 October 2022
වැටුප් වැඩිවීමක් නොලැබුණොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් ඉතා ඉක්මනින් වතු කාර්ය මණ්ඩලවලට ලබා නොදුනහොත් වැවිලිකරයේ සියලුම වෘත්තීය සමිතිවල සහාය ඇතිව ප්‍රබල වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණය වන බව ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි පැවසීය. 27 October 2022
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026