IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දෑත් කැපූ සහාසිකයා නීතිඥයකු සමග අධිකරණයට බාර වෙයි

(රේඛා තරංගනී ෆොන්සේකා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මොරටුව දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී දෙනෝදාහක් බලා සිටියදී විදුලි කාරර්මියකුගේ දෑත් කපා ගෙන ගිය බව කියන සහසිකයා   නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට බාර වී ඇතැයි මොරටුව පොලිසිය කියයි.

සැකකරු කොරලවැල්ල ප්‍රදේශයේ වයස අවුරුදු හතළිහක පුද්ගලයෙකි .

යතුරු පැදියකින් පැමිණි  සැකකරු මොරටුව දෙල්ගහවත්ත හන්දියේ දී විදුලි කාර්මිකයාට පන්න පන්නා කඩුවෙන් පහර දී ඇත. පසුව  ශරීරයෙන් වෙන් වූ දෑතේ කොටස් ද   රැගෙන සැකකරු  පළා යන අයුරු ඒ අසල තිබූ ආරක්ෂක කැමරාවක සටහන් වී තිබිණි..

මොරටුව පොලීසියේ  කණ්ඩායම් කීපයක් සහ තවත් විශේෂ කණ්ඩායම් කිහිපයක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා  යොදවා සිටියදි අද අලුයම මෙසේ බාර වී ඇත.

නීතිඥවරයා සිය වාහනයෙන් රැගෙන ආ  සැකකරුගේ අතින් අල්ලාගෙන  අධිකරණය තුළට යාම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට  පොලිස් නිලධාරීන්ට නොහැකි ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

 



අදහස් (5)

දෑත් කැපූ සහාසිකයා නීතිඥයකු සමග අධිකරණයට බාර වෙයි

Vira Friday, 24 March 2023 12:07 PM

ඔන්න නීතියෙ තරම

:       0       21

මොට්ටපාල Friday, 24 March 2023 12:18 PM

ඉතින් කොහොමද සාමකාමී රටක් හදන්නෙ සල්ලි දෙයියන්ගේ මල්ලි කියන්නෙ ඕකට තමයි අඩුම තරමින් මේ යක්ෂයා දෑතේ කැබලි දෙකවත් එතන තබා ගියානම් නීතිවේදියෙක් ඉදිරිපත් වුනාට වරදක් පේන්නෙ නැහැ නමුත් මෙහෙම අපරාධයක් කලාමත් රටට විනයක් වෙච්චි කුඩ්ඩො රැකීමත් අපරාධ කියලා තමයි හිතන්නේ .මෙහෙම උපයන මුදලින් පෝෂණය වීමත් හොදයිද කියලා තේරුම් ගන්න බැහැ

:       2       41

අනුර Friday, 24 March 2023 12:35 PM

මෙවැනි සහාසික අපරාධ මා කිසිවිට අනුමත කරන්නේ නැත. නමුත් මෙවැනි අපරාධයක් කිරීමට පාදක වූ කරුණු අනිත් පාර්ශවයෙන් ද විමසිය යුතුයි නේද?

:       23       6

sujeewarFriday, 24 March 2023 01:48 PM

නීතිය ඇත්තේ අපරාධයකට, වරදකට දුවම් කිරීම සඳහාය. එබැවින් වින්දිතයා පෙර වරදක් කර ඇත්නම් එය විසඳාගත යුතුව තිබුනේ නීතිය මගිනි. ඒ සඳහා දඩුවම් දීමට ඔහුට බලය දුනහොත් හෝ ඔහුගේ ක්‍රියාව සාධාරණීකරණය කලහොත් අපරාධකරුවන්ට අපරාධකිරීම සඳහා බලපත්‍රයක් දුන්නා වැනිය. එබැවින් කුමන ආකාරයකින් හෝ සාහසික අපරාධයක් සාධාරණීයකරණය නොකරන්න. එලෙසම නීතීඥයෙකු අපරාධකරුවකුගේ අතින් අල්ලාගෙන යාමේ අස්වාභාවික ක්‍රියාවද හෙලා දකින්න. මෙය සැකයට අත් අඩංගුවට ගැනීමක් නොව වරදකරුවකු අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදීමේ කූඨ උපායකි. නීතිඥයා වෘත්තීය ගරුත්වය කෙලෙසා ඇත. නීතීඥවරු විසින්ම මෙම තත්වය හෙලා දැකිය යුතුය. එසේ නොවන කල වෘත්තියෙහි ස්වාධීනත්වයක් නැත.

:       0       24

Senarath Friday, 24 March 2023 12:31 PM

මෙ හැම නරුමයන්ව, ආයුද සොයන්න ගෙනියන එකේ වරදක් නෑ. එහෙම නැතුව නලවල මෙව පාලනය කරන්න බැැ.

:       1       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site