IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජපන් කතට කැත වැඩක් කළ තරුණයෙක් මාට්ටු

(උපුල් හේරත් සහ බී.ජී.චතුරංග)

අනුරාධපුර පූජා නගරයේ  පාෂාණ  ලෙන නැරඹීමට ගිය 52 හැවිරිදි ජපන් ජාතික කාන්තාවකට දේශීය ආයුර්වේද සම්භාහනයක් කරන මුවාවෙන් හිස මසාජ් කරන අතරතුර  ඇගේ පියයුරු මිරිකා ලිංගික අතවරයක් සිදු කළ, සංචාරක මගපෙන්වන්නකු ලෙස පෙනී සිටි පුද්ගලයකු  අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර සංඝමිත්තා මාවතේ පදිංචි පුද්ගලයකු බව පොලීසිය කියයි.

මෙරට සංචාරයක් සඳහා පැමිණ කොළඹ, දඹුල්ල, මහනුවර සහ අනුරාධපුර සංචාරය කර ඉකුත් 22 දා නැවත  අනුරාධපුරයට පැමිණ පාපැදියකින් මෙම විදෙස් කාන්තාව පූජා නගරයේ සංචාරය කරන අතරවාරයේ දී මෙම සිද්ධියට මුහුණ පා ඇති බව පොලීසිය කියයි.

සඳකඩ පහණ නරඹා ඒ අසල ඇති, දිග පාෂාණ ලෙන නැරඹීමට යාම සදහා මාර්ගය සොයා ගැනීමට නොහැකිව රැඳී සිටියදී එම ස්ථානයට පැමිණි මග පෙන්වන්නා යැයි කියන පුද්ගලයා පාෂාණ ලෙන පෙන්වීමෙන් අනතුරුව මෙම අතවරය සිදු කර ඇති බව පොලීසිය කියයි.

 



අදහස් (0)

ජපන් කතට කැත වැඩක් කළ තරුණයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site