(ආරියරත්න රණබාහු)
මෙම වසරේ පළමු මාස තුන තුළ මේ වන විට විදේශීය සංචාරකයන් 3,30,000ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම මාසයේ 21 වැනි දා වන විට සංචාරකයින් 84,000ක් මෙරටට පැමිණ ඇති බව එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවැසීය. පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයන් 102,545ක්ද පෙබරවාරියේ 107,639ක්ද පැමිණ තිබේ.
රුසියාව, ඉන්දියාව, මහ බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, කැනඩාව ආදි රටවලින් ප්‍රධාන වශයෙන් සංචාරකයන් පැමිණ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd