IMG-LOGO

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන ඕනෑ

(යොහාන් භාසුර)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (අයි.එම්.එෆ්.) ලැබුණු ණය මුදලින් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන්ට සහන සැළසීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් මහ බැංකු අධිපතිවරයා සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ඉදිරියේදී ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව මඟපෙන්වීමේ සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදයේ සභාපති ටානියා එස්.අබේසුන්දර මහත්මිය අද (24) පැවසුවාය.

සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් රැකගැනීමට මහ බැංකු අධිපතිවරයා කටයුතු නොකළ හොත් අප්‍රේල් මාසයේ සමස්ත ආර්ථිකයම කඩා වැටෙන බව කී ඇය එම ව්‍යාපාර රැකගැනීමට නම් ආනයන සීමා ලිහිල් නොකළ යුතු බව ද සඳහන් කළාය.

අර්ථිකය බලහත්කාරයෙන් සංකෝචනය කිරීම නිසා උද්ධමනය ඉහළ යෑමෙන් වර්තමාන කඩා වැටුණු ආර්ථික තත්වයට පත්ව ඇති බවත් මෙම තත්වය අඛණ්ඩව පැවතුණ හොත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වසා දැමීමට සිදුවන බවත් අබේසුන්දර මහත්මිය කීවාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 330 ඉතාමත් සුළු මුදලක් කී අබේසුන්දර මහත්මිය ආණ්ඩුව අයි.එම්.එෆ්. කොන්දේසි කඩකළ හොත් සම්පූර්ණ ණය මුදල වන ඩොලර් බිලියන 2.9 ක ප්‍රමාණයේ ඉතිරිය නොලැබීමේ අවදානමක් ඇති බව ද කීවාය.

අයි.එම්.එෆ්. ණය මුදල සම්මත වීමත් සමඟ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1.9 ක් සහ ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 2 ක ණය ප්‍රමාණයක් ආණ්ඩුව බලාපොරොත්තු වන බව කී ඇය සඳහන් කළේ ඩොලර් බිලියන 52 ක් පමණ ණය වී ඇති ශ්‍රී ලංකාව ඉදිරියේදී ඩොලර් බිලියන 7 ක පමණ ණය බලාපොරොත්තු වන බවත්ය.  

ආණ්ඩුව ණය ගෙවීමට ණය ගන්නා විට රතිඤ්ඤා පත්තුකර කිරිබත් කෑමට ඇතමුන් කටයුතු කිරීම පිළිබඳව පුදුම දුකක් ඇති බව වන බව කී අබේසුන්දර මහත්මිය රට වර්තමාන බංකොළොත් තත්වයට පත්කළේ ද අද ණය ගන්නා පිරිස බව ද වැඩි දුරටත් සඳහන් කළාය. 



අදහස් (1)

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන ඕනෑ

de silva Friday, 24 March 2023 01:56 PM

මම ඔබතුමිය සමග 100% එකඟ වෙනව, IMF එකෙන් හෝ ලෝ බැංකුවෙන් නය අරන් මෙ ආර්තික අගාධයෙන් ගොඩ ඒන්න බැහැ , මෙක ගොඩ ගන්න පුලුවන් වෙන්නෙ පුරවසි අපි , රටෙ නාස්තිය දූශනය පිටු දකිමින් මහන්සිවෙලා වැඩ කලොත් පමනි, අපෙ කර්මන්ත වලට අවශ්ය පිටරටින් ගෙන්වන අමුද්‍රරව්‍ය මෙ ආනයන සිමා නිසා අවහිරවිමෙන් කර්මන්ත කඩා වැටිල , රට විශාල රැකියා ප්‍රශ්න වලට මුහුන දීල ,

:       4       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 257 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 781 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1201 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site