(අංජුල මහික වීරරත්න)
යුරියා පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 7000කින් අඩු කිරීමට ප්‍රමුඛ පොහොර සමාගම් අද (23) එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පොහොර ආනයන සමාගම් පැවැත්වූ සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ ඇත.
රුපියල ශක්තිමත්වීම මෙන්ම දැනට රජය රුපියල් 10,000ක මුදලකට යුරියා ගොවි ජනතාවට සපයන බැවින් පෞද්ගලික සමාගම් විසින් අලෙවි කරන පොහොර මිල ද අවම කරන ලෙස අමාත්‍යවරයා එම නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව දැනට රුපියල් 18,500කට පමණ අලෙවි කරන යුරියා පොහොර මිටියක් 11,500ක මිලකට අලෙවි කිරීමට එම නියෝජිතයෝ එකඟත්වය පළ කළහ.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් දැනට ගොවින් වෙත ලබා දෙන යුරියා පොහොර මිටියක මිල තවදුරටත් අඩු කිරීම සඳහා අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුරියා 7000කින් අඩු කරන්න එකඟතාවය