විපතට පත් සතුන් ගැන මේ අංක වලට දැනුම් දෙන්න ගංවතුරෙන් විපතට පත්වූ හෝ කොටු වී සිටින සුරතල් සතුන්, ගොවිපොළවල සිටින සතුන් හෝ වීථී සතුන් සඳහා පශු වෛද්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමය සුදානමින් සිටී. 30 November 2025
යක්කල පාලමක් අසල පාර ගිලා බහි: කොළඹ මහනුවර මාර්ගය වැසෙයි කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ආයුර්වේදය අසල පාලමේ මැද කොටස ගිලා බසිමින් ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. 30 November 2025
වතුරේ ගසාගෙන ගිය තරුණයින් දෙදෙනකු පැය 10කට පසු මුදා ගැනෙති කිලිනොච්චිය වට්ටකච්චි මර්ගයේ පරප්පුකණ්ඩාල් හි ටිපර් රථයක් ජල පහරකට හසුවී ගසාගෙන ගොස් පැය දහයකට අධික කාලයක් එහි සිරවී සිටි තරුණයින් දෙදෙනකු අද (30) යුද හමුදාව විසින් නිරුපද්‍රිතව බේරාගනු ලැබීය. 30 November 2025
කුරුණෑගල රෝහලත් යටවේ කුරුණෑගල ෂික්ෂණ රෝහල අසල කුණු ඇළ උතුරා යාම හේතුවෙන් රෝහලේ වාට්ටු අටක් ජලයෙන් යටවු බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. 30 November 2025
කෝටි තුනක් රන් සමඟ විදේශිකයා ගුවන්තොටේදී අල්ලයි රුපියල් කෝටි තුනක් වටිනා රන් දම්වැල් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු අද(30 ) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 30 November 2025
කන්දකාඩු කඳවුරත් යටවේ පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් 359 දෙනකුගේ ජීවිත, ගංවතුරෙන් ආරක්ෂා කරගැනීම ඊයේ (29) සේනපුර තෘතීයක පුහුණු මධ්‍යස්ථානය වෙත නිරුපද්‍රිතව, ලොරි රථ සහ යුද ටැංකි කිහිපයකින් රැගෙන ආ බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි. 30 November 2025
ජපන් ආපදා විශේෂඥ කණ්ඩායමක් ලංකාවට ජපන් තානාපති කාර්යාලයේ සහ ජයිකා ආයතනයේ නියෝජිතයෝ සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටුවා ඇති පැය 24ම ක්‍රියාත්මක වන ජාතික සෞඛ්‍ය ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයට අද(30)පැමිණ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ප්රමුඛ එම මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය. 30 November 2025
අලවතුගොඩ කන්දට යට වූ අටක් සොයාගනී අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුකේඇල මුදුනේකඩේ ප්‍රදේශයේ සිදු වී අති විශාල නායයෑමක් හේතුවෙන් අතුරුදන් වූ පවුල් 15 ක පුද්ගලයින් 43 දෙනාගෙන් අට දෙනකුගේ සිරුර හමු වූ බව පොලිසිය කියයි. 30 November 2025
සුළි කුණාටුවට හසුව දින පහක් නිරහාරව සිටි ධීවරයෝ බේරා ගැනෙති සුළි කුණාටුවට හසුව මහ මුහුදේ දින පහක් නිරහාරව මෝටර් බෝට්ටුවක සිටි ධීවරයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගෙන අද(30)උදේ ගොඩබිමට ගෙන ඒමට අම්බලන්ගොඩ ධීවරයින් හත්දෙනෙකු සමත්වී සිටිති. 30 November 2025
කොත්මලේ ගමක සිරවු 300 ක් බේරගන්න ගුවන් හමුදා සහය පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ප්‍රදේශයේ ගම්මානයක සිරවී සිටින පුද්ගලයන් 300 කට ආසන්න සංඛ්‍යාවක් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා ගුවන් හමුදා මෙහෙයුම් මේවන විට ක්‍රියාත්මක කර ඇතිි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසීය. 30 November 2025
සූර්ය පැනල භාවිත කරන්නන්ට විදුලි මණ්ඩලයෙන් දැනුම්දීමක් අද පස්වරු 3 දක්වා තම සූර්ය පැනල ස්වේච්ඡාවෙන් ක්‍රියා විරහිත කරන ලෙස විදුලිබල මණ්ඩලය සූර්ය පැනල භාවිතා කරන්නන්ගෙන් ඉල්ලීමක් කරයි. 30 November 2025
ගංවතුර නිවේදන ගැන හොඳ අවධානයෙන් ඉන්න ගංවතුර උවදුර සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රකාශ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. 30 November 2025
රෑ දොළහේ විවාදයට මන්ත්‍රී විරෝධයක් පාර්ලිමේන්තු අයවැය විවාද හෙට අනිද්දා රාත්‍රී දොළහ වන තුරු පැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සහ සේවකයෝ දැඩි විරෝධය පළ කරති. 30 November 2025
මාවිල්ආරු අමුණ තැන් කිහිපයකින් කැඩෙයි මාවිල්ආරු අමුණා අද (30) පෙරවරුවේ ස්ථාන කිහිපයකින් කැඩී ගොස් තිබේ. 30 November 2025
එළවළු මිල අහසට වෙළඳපොලේ එළවළු වල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යෑමෙන් පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 30 November 2025
’’දිට්වා ’’සුළි කුණාටුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ 174,255 කට බලපෑම් නොවැම්බර් 26 වෙනිදින සිට දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක පවුල් 40740 ක පුද්ගලයින් 174255 ක් බලපෑමට ලක්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න මහතා පැවසීය 30 November 2025
කැඩුණු මාර්ග පාලම් බලන්න එන්න එපා ආපදා තත්ත්වයෙන් විනාශ වූ මාර්ග සහ පාලම් නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස, පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 30 November 2025
කළු ගඟ අවට ජනතාවට වාරිමාර්ගයෙන් රතු එළියක් කළු ගඟ අවට පහත් බිම් වලට සැලකිය යුතු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි 30 November 2025
අද දුම්රිය ගමන් මෙහෙමයි දුම්රිය කිහිපයක් අද (30) දිනයේ ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 30 November 2025
කොටුගොඩ විදුලි ග්‍රිඩ් උපපොළ වසයි ගංවතුර තත්වය හේතුවෙන් කොටුගොඩ විදුලි බල පද්ධතියේ ග්‍රිඩ් උපපොළ (Grid Substation) සම්පූර්ණයෙන් වසා දමා ඇත. 30 November 2025
අඹතලේ උතුරයි; ජනතාව ආරක්ෂිත තැන්වලට අඹතලේ බැම්ම පිටාර ගැලීමට පටන් ගෙන ඇතැයි වාර්තාවේ. 30 November 2025
‘වික්ටෝරියා වේල්ලේ අවදානමක් නෑ‘ වික්ටෝරියා වේල්ලේ කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාරයන් අසත්‍ය බවත් වික්ටෝරියා විදුලි බරාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ජී.ඩී.අයි. ශාන්ත මහතා පවසයි. 30 November 2025
ඉන්ධන බවුසර හැටන් පාරේ හිරවෙයි කොළොන්නාවේ සිට හැටන් කොටගල ඛණිජ තෙල් නීති ගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණයට ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථ ඉන්ධන ගොඩබැමෙන් පසු එම බවුසර් රථ දින ගණනක් තිස්සේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ගාල් කර තිබෙන අයුරු අද (30) දකින්නට ලැබිණි. 30 November 2025
විපතට පත්වුවන් මුදා ගැනිමට ධිවර අමාත්‍යංශයෙන් බෝට්ටු ගංවතුර ආපදා තත්ත්වය හමුවේ, සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ධීවර බෝට්ටු වහාම යොමු කරන ලෙස අදාළ අංශ වලට දැනුම් දුන් බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි. 30 November 2025
සුන්බුන් ගොඩක් වූ මනම්පිටිය නගරය පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගග පිටාර ගැලීමෙන් අඩි හයක් පමණ ජල කඳකින් යට වූ මනම්පිටිය නගරයේ ගංවතුර 30 වෙනිදා උදෑසන විට සම්පූර්ණයෙන්ම බැසගොස් ඇති අතර, ඇති වූ ගංවතුර හේතුවෙන් මනම්පිටිය නගරයේ වෙළඳසැල් සහ නිවාස රැසක් කැඩී විනාශ වී තිබේ. 30 November 2025
කොළඹ පැති තවමත් යටවෙලා දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන්, කැලණි ගඟේ ජල මට්ටම නොසිතූ ආකාරයට ඉහළ යෑමත් සමග, හංවැල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ සහ වෙළඳ සැල්ද’’ අවට ගම්මාන රැසක්ද අද වන විටත් ජලයෙන් යටවී ගොස් තිබුණි. 30 November 2025
හැම ජීවිතයකටම වටිනාකමක් දෙමින් මුදා ගැනීම් කරනවා විපතට පත් ජනතාවට සහන සැලසීමේදී සියලු පාර්ශව මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමෙන් වඩා ප්‍රයෝජනවත් සහ ඵලදායී ලෙස එම ප්රතිලාභ ජනතාව අතට පත් කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. 30 November 2025
ගංවතුර මැද චෛත්‍යයේ කොතේ එල්ලී සිටි නායක හිමි 27 දින රාත්‍රිය වන විට ගංවතුර ඇතිවන බව දැනගත්තා .නමුත් මීට පෙර අවස්ථා කිහිපයකම තියෙන අත් දැකීම් අනුව මම හිතුන වෙනද වගේම සාමන්‍ය ගංවතුර තත්වයක් ඇති වෙයි කලා හිතුවේ යැයි කලාඔය සිරිවිජයබෝරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ,උතුර උතුරු මැද දෙපලාතේ උපප්‍රධාන සංඝනායක රන්දොඹේ පියනන්ද හිමියෝ පැවැසූහ. 30 November 2025
ගුවන්තොටුපොළ මගීන්ට පණිවිඩයක් රට පුරා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපොළ ප්‍රවේශ මාර්ග කිහිපයකට ගං වතුර බලපෑම් එල්ලවී ඇති හෙයින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙස උපදෙස් දෙන බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම දැනුම් දෙයි. 30 November 2025
ජනපති - ලංකා වාණිජ මණ්ඩලය කැඳවයි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මෙන්ම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළෙහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 30 November 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026