(ජේ.කේ.එල්.චාමින්ද )

ගිං ගඟ හරහා වැටී ඇති වක්වැල්ල පාලම ආසන්නයේ ගිං ගඟේ පාවෙමින් තිබූ නාඳුනන අයකුගේ මළ සිරුරක්  සොයා ගත් බව පෝද්දල පොලිසිය පවසයි.

මළ සිරුර පෝද්දල පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගොඩට ගෙන ඇත.

මියගිය පුද්ගලයාගේ මුහුණ විකෘති වී ඇති අතර මොහුගේ දෑත් පිටුපසට තබා ගැට ගසා තිබී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයාගේ පාද එකට තබා කොන්ක්‍රීට් කණුවක ගැටගසා තිබී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.