(යොහාන් භාසුර)

ග්‍රාම නිලධාරීන් සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් අද (24) සිට ඉවත්වූ බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ  පැවසීය.

ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි සභාපති නන්දන රණසිංහ මහතා එසේ පැවසීය.

ග්‍රාම නිලධාරීන්ගේ ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් ලබන 30 වැනිදා සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවත් වසර ගණනාවක සිට ග්‍රාම නිලධාරීන් ඉල්ලා සිටින ගමන් වියදම් සඳහා ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

ග්‍රාම නිලධාරීන්ගේ සේවා කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සහ දීමනා සැපයීමට බලධාරීන් කඩිනමින් අවධානය යොමු කළ යුතු බව ද නන්දන රණසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.