
(ගයාන් සූරියආරච්චි)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් අනුමත කර ඇති නිල අංක තහඩු (Number Plates) වෙනුවට, විවිධ වර්ණයන්ගෙන් සහ ප්‍රමිතියෙන් තොර අංක තහඩු භාවිත කරන වාහන හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පැවැසීය.
මීට පෙර පැවති අංක තහඩු හිඟය හේතුවෙන් තාවකාලික සහන කාලයක් ලබා දී තිබුණ ද, නිසි ප්‍රමිතියෙන් තොරව අත්තනෝමතික ලෙස අංක තහඩු සකස් කර ඇති වාහන පරීක්ෂා කර නීතිමය පියවර ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් දී ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා:
"පසුගිය කාලයේ අංක තහඩු හිඟයක් පැවති නිසා අපි යම් සහන කාලයක් ලබා දුන්නා. එහිදී තාවකාලිකව සුදු පැහැති පසුබිමක කළු පැහැති අකුරින් (A4 කොළයක වුවද) අංක තහඩුව ප්‍රදර්ශනය කිරීමට අවසර දුන්නා. නමුත් ඒ සහනය මඟින් විවිධ වර්ණවලින්, තමන්ට රිසි සේ පාට පාටින් අංක තහඩු ගැසීමට අවසර දී නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාවකාලික අංක තහඩු සඳහා මාර්ගෝපදේශ ගැසට් කිරීමට DMT ආයතනයට සිදු විය යුතුව තිබුණේ කුමක්ද? එසේ නොකර ප්‍රතිපත්තියක් සකස් කිරීමට අපට පොලිස් උත්සාහයක් තිබෙනවා. අපට තිබෙන්නේ මොන වගේ අකාර්යක්ෂම රාජ්‍ය සේවයක්ද? අංක තහඩු මුද්‍රණය අවුල් වෙනවා කියලා ඔබ දන්නවා නම් තාවකාලික මාර්ගෝපදේශයක් ගැසට් කිරීම කොතරම් දුෂ්කරද? දැන් මේක කොච්චර කාලයක් ගිහින්ද?
අලුත් වාහන වලට සල්ලි අරගෙනත් අංක තහඩුව තවම නැත වරද වාහන හිමියාගෙද