
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය නිලධරයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම මූලික කරගෙන ජනාධිපතිවරයා විසින් පත් කරන ලද වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්විම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
මෙහිදී කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මහතා සහ එහි සෙසු සාමාජිකයන් වන විනිසුරු (විශ්‍රාමික) කේ. කේ. ඒ. වී. ස්වර්ණාධිපති, එන්.බී.එම්. රණතුංග, වෛද්‍ය ආර්.ඩබ්. ජයන්ත, ආචාර්ය ජී.එම්. මුදිත් සුජීව, බ්‍රිගේඩියර් (විශ්‍රාමික) බී.ජේ. ප්‍රනාන්දු, ඒ.එල්. මොහොමඩ් මුක්තාර්, එස්.ටී.බී. රත්නායක, ඒ.ඩබ්. ලාල් චන්ද්‍ර වීරකෝන්, ජී.ඒ.පී. පත්මනාත, කේ. සරත් ලාල් පෙරේරා සහ කොමිෂන් සභාවේ ලේකම් ඩී. එම්.සී. නාලක දිසානායක යන මහත්ම මහත්මීහු ඊට අදාළ පත්වීම් ලිපි ලබා ගත්හ.
රාජ්‍ය නිලධරයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම මූලික කරගෙන 2026.06.22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමට කටයුතු කර තිබිණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසං පත්කරන එකෙන් සංවර්ධනය මැන්නොත් ලංකාව අංක එක. අංක දෙක පේනතෙක් මානෙක නැතිවෙයි.