හැකරු සිද්ධිය: මුදල් කමිටුවෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මහ භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදලක් බාහිර පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එන සතියේදී පාර්ලිමේන්තුවට බාර දෙන බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ලංකාදීපයට පැවසීය. 27 June 2026
සැකකරුවන්ට නීතිඥවරුන් මුණ ගැසීමට තැනක් ස්ථාපිත කරන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන සැකකරුවන්ගේ අයිතිවාසිකම් සුරකිමින් ඔවුන්ට නීතිඥවරුන් පුද්ගලිකව හමුවිය ස්ථානයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථාපිත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා එම කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට නියෝග කරමින් අද දන්වා සිටියේය. 26 June 2026
තරුණ සේවා සභාව තරඟ 87කට අයැදුම් පත් කැඳවයි ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන 45 වන ජාතික යෞවන සම්මාන උළෙල - 2026 ට සමගාමීව ජාතික තරගාවලි 8ක් යටතේ තරග අංශ 87ක් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි තරුණ කටයුතු අමාත්‍යාංශය කියයි. 26 June 2026
දක්ෂිණ අධිවේගයේ වාහන පහක් එකට ගැටිලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර කිලෝමිටර් 31 ප්‍රදේශයේදී වාහන පහක් එකිනෙක ගැටීමෙන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 26 June 2026
ඩොලර් හොයන සැලසුමක් ජනපති හෙළි කරයි දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කර ඔවුන් අපනයන වෙළෙඳපොළට යොමු කිරීම මගින් ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 26 June 2026
සාවද්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ජවිපෙන් නීති පියවර සාවද්‍ය ප්රකාශයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 26 June 2026
සාමසාධක මෙහෙයුම් වලට ලංකාවෙන් 1132ක භට පිරිසක් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට සුබපැතුම් එක් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (26) පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එක් විය. 26 June 2026
කැරම් බෝඩ් නඩුව: මහින්දානන්ද - නලින්ගේ පූර්ව නඩු විභාගයට දින දෙයි 2015 ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාල අතර බේදාදීම සඳහා ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ගෙන්වා රජයට රුපියල් කෝටි 04කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ” හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුලි 23 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා අද (26) නියම කළේය. 26 June 2026
ඉන්ධන මිල අඩු නොකිරීම ජනතාවට කරන දැඩි අසාධාරණයක් ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල අඩුවන විට මෙරට ඉන්ධන මිල අඩු නොකිරීම මෙරට ජනතාවට කරන බරපතල අසාධාරණයක් බවත් එම වරද නිවැරදි කළයුතු බවත් සමඟි ජනබලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පැවසීය. 26 June 2026
චාල්ස් රජු බකිංහැම් මාලිගය අත්හරී වසර 10 ක් පුරාවට බකිංහැම් මාලිගයේ අලුත්වැඩියා කටයුතු අවසන් වීමට නියමිත බවත්, අලුත්වැඩියා අවසන් වීමෙන් පසු තමන් බකිංහැම් මාලිගයේ පදිංචියට නොයෑමට තීරණය කළ බවත් තෙවැනි චාල්ස් රජු පවසයි. 26 June 2026
’’රටේ ජනයාගෙන් සියයට තිහක් අන්ත දුප්පතුන් වෙලා’’ රටේ ජනගහනයෙන් සියයට තිහක් එක වේලක් කෑමට පවා නොහැකි අන්ත දුප්පතුන් බවට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේසී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද අනාවරණය කළේය. 26 June 2026
51ක් රෝහලට යැවූ ගන්දර බස් අනතුර ගන්දර තලල්ල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් මගීන් 51 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගන්දර පොලීසිය පවසයි. 26 June 2026
ඩෙංගු අලුත් වෛරසයක් ඩෙංගු අලුත් වෛරසයක් හදුනාගෙන ඇතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවැසුවාය. 26 June 2026
දකුණු කොරියා හිටපු ජනපති ආර්යාව හිරේ දකුණු කොරියා හිටපු ජනාධිපති යූන් සුක් යූල්ගේ බිරිඳ වන කිම් කියෝන් ට වසර 7ක සිරදඬුවමක් නියම විය. සෝල් අධිකරණයක් ඇයට මෙම සිරදඬුවම නියම කළේ ඇය අල්ලස් ගැනීමේ චෝදනාවකට වරදකාරිය වීමත් සමගය. යූන් සුක් යූල් යනු 2022 සිට 2025 දක්වා දකුණු කොරියාවේ ජනාධිපතිවරයාය. 26 June 2026
ඒකක 300ට වැඩි සූර්ය පැනල හෙට සිට 29 දක්වා වහලා තියන්න වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා හෙට (27) දිනයේ සිට 29 වැනි දින දක්වා ක්‍රියාවිරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද සූර්ය පැනල පද්ධති හිමි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කළේය. 26 June 2026
හරක් කටා පාර්ලිමේන්තුවේ හරක් කටා ඉන්නේ එළියේ නොව පාර්ලිමේන්තුවේ යැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 June 2026
ලාභදායී විදුලිය ඉක්මන්ට දෙනවා ඉතා ඉක්මනින් අඛණ්ඩ ලාබදායී විදුලිබල ක්ෂේත්රයක් ඇති කරන බව අප මහජනතාවට පොරොන්දු වෙන බවවිදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 June 2026
හේමරතන හිමිට එරෙහි නඩුව අද කැඳවයි අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් බාලවයස්කාර දැරියක බරපතල ලෙස දුෂණය කළ බව කියන සිද්ධියට අදාලව පොලිසිය සිදු කරන විමර්ශන පිළිබඳව නීතීපති දෙපාර්තමේන්තුව නිරන්තර විමසිල්ලෙන් සහ අධීක්ෂණයෙන් පසුවන බව නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ අධිනීතීඥ කේෂානි විජේසිංහ මහත්මිය විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය. 26 June 2026
චරිත්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හොරණ සමගි ජන බලවේග ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. 26 June 2026
ඔම්බුස්මන් පත් කිරීම කල්යයි අභිචෝදක කාර්යාලයේ ගැටලුව විසදෙනතුරු පාර්ලිමේන්තු ඔම්බුස්මන් වරයා පත් කිරීමට නොහැකි වන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 26 June 2026
’’කතානායක වැඩ කරන්නේ පැලවත්තට ඕන විදිහට’’ කතානායක අද වැඩ කරන්නේ පැලවත්තට වුවමනා විදිහට යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 26 June 2026
එක්ස්ප්‍රස් පර්ල් නඩුව සිංගප්පූරුවට ගෙන ගොස් අනාථ කළා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ නඩුව සිංගප්පූරුවට ගෙන ගොස් අනාථ කළ බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය 26 June 2026
ජනතාවට අවශ්‍ය කතා නොව ජීවන වියදමට උත්තර ජනතාවට අවශ්‍ය අත්අඩංගුවට ගැනීම් ගැන ජනාධිපතිගේ අදහස් දැක්වීම් නොව ජීවන වියදමට පිළිතුරක් බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. 26 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් මියගිය ගණන 235 ක් වෙනිසියුලාව කැලැඹූ ප්‍රබල භූමිකම්පාවලින් මියගිය ගණන 235 පසු කළේය. තුවාල ලැබූ ගණන 4,300 ක් බව පැවැසිණි. නිවාස සහ ගොඩනැගිලි සිය ගණනක් බිමට සමතලා වී ඇති බවත්, ඒවායේ සුන්බුන් අතරේ තවත් දහස් ගණනක් සිරවී සිටින බවත් පැවැසෙයි. 26 June 2026
භෞත චිකිත්සක ඝාතකයාට උදව් කළැයි පොලිස් ලොක්කෙක් අල්ලයි කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා නුවරඑළියෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළියට රැගෙන යනු ලැබීය. 26 June 2026
කුඩු සහ උණ්ඩ සමග පී.සී පොලිස් දැලේ රුපියල් කෝටියකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ ටී පනස් හය උණ්ඩ දහයක් ප්‍රවාහනය කරමින් සිටි කොල්ලූපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනකු මහභාගේ හාලන්දුරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 26 June 2026
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර, සබගරමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 June 2026
හැකරැ සිද්ධිය: මහ බැංකුව වාර්තාව මුදල් කමිටුවට මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට බාරදී ඇත 26 June 2026
කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු අල්ලයි දැනට අත් අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මෙගේ වෙඩික්කරු ලෙස කටයුතු කළේ යැයි කියන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් මාටියා නැමත්තා අත් අඩංගුවට ගෙන ඇත. 26 June 2026
‘‘ක්‍රිෂ්‘‘ නඩුවේ සාක්කිකරුවන්ට රාජ තාන්ත්‍රික සිතාසි අධි චෝදනා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිස් නඩුවේ ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනකුට රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදය හරහා සිතාසි නිකුත් කිරීමට පියවර ගන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්ඳුරුගොඩ මහත්මිය මහාධිකරණ රෙජිස්ට්රාර්වරයාට අද නියෝග කළාය. 25 June 2026
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026