
වසර 10 ක් පුරාවට බකිංහැම් මාලිගයේ අලුත්වැඩියා කටයුතු අවසන් වීමට නියමිත බවත්, අලුත්වැඩියා අවසන් වීමෙන් පසු තමන් බකිංහැම් මාලිගයේ පදිංචියට නොයෑමට තීරණය කළ බවත් තෙවැනි චාල්ස් රජු පවසයි.
වසර 10 ක් පුරා සිදුවන එම අලුත්වැඩියා සඳහා පවුම් මිලියන වාර්තා වේ. අලුත්වැඩියා අවසන් වීමෙන් පසු තමන් බකිංහැම් මාලිගයේ පදිංචියට නොයෑමට තීරණය කළේ වසර 200කට ආසන්න කාලයක් රාජකීය ජීවිතයේ කේන්ද්‍රස්ථානය වූ මෙම ඓතිහාසික ගොඩනැගිල්ල නැරඹීමට මහජනතාවට ඇති අවස්ථාව දීමට යැයි ද චාල්ස් රජු පැහැදිලි කර ඇත.
පදිංචි නොවුණත්, චාල්ස් රජු සහ කැමිලා රැජින සිය රාජකාරි කටයුතු සඳහා බකිංහැම් මාලිගය දිගටම භාවිතා කරනු ඇතැයි ද පැවැසෙයි.
බකිංහැම් රාජාණ්ඩුවේ ‘උත්සව සහ මෙහෙයුම් මධ්‍යස්ථානය’ ලෙසම පවතින අතර, රජු සහ රැජින සිය පදිංචිය සඳහා දැනට වෙසෙන ක්ලැරන්ස් හවුස් මන්දිරයම දිගටම භාවිත කරනු ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ අතර, චාල්ස් රජු සිය බදු මුදල් ගෙවීම් ප්‍රසිද්ධියට පත් කර ඇත. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ප්‍රථම වතාවට රජකු රජයට ගෙවූ බදු මුදල් ප්‍රසිද්ධියට පත් කළ පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව, චාල්ස් රජු 2024-25 මූල්‍ය වර්ෂය සඳහා ආදායම් සහ ප්‍රාග්ධන ලාභ බදු වශයෙන් පවුම් මිලියන 12.9ක් (ඇමරිකානු ඩොලර් මිලියන 16.1ක්) ගෙවා ඇත.
ඊට පෙර වසරේ ගෙවූ පවුම් මිලියන 11.7ට වඩා වැඩි වීමකි. මීට අමතරව, විලියම් කුමරු (ඔටුන්න හිමි කුමරු) ද තමන් එම වසරේදී පවුම් මිලියන 7.76ක බදු මුදලක් ගෙවූ බව ප්‍රකාශ කර තිබේ.
රජුට විවිධ මාර්ගවලින් ප්‍රතිපාදන ලැබුණද, ඔහු බදු ගෙවනු ලබන්නේ ස්කොට්ලන්තයේ බල්මොරල් සහ එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම් වැනි ඔහුගේ පුද්ගලික වතුයායන්ගෙන් ලැබෙන ආදායමට පමණි. මාලිගා, රාජකීය ආභරණ සහ කලා නිර්මාණ රජුගේ තනතුරට අයිති දේවල් මිස ඔහුගේ පුද්ගලික දේපළ නොවෙයි.
සාමාන්‍යයෙන් රජුගේ බදු විස්තර රහසිගතව තබා ගැනීමට නීත්‍යානුකූල අයිතියක් තිබුණ ද, රාජාණ්ඩුව යනු මහජන ආයතනයක් බවත් එහි සියලු වැඩකටයුතු විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බවත් පෙන්වීම සඳහා චාල්ස් රජු ස්වේච්ඡාවෙන්ම මෙම තොරතුරු රටට හෙළි කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලට පරම්පරාවෙන් උරුමවූ වටිනා දේපළ කාසල් පවා තියෙනවා. ලන්කාවේ දූෂිත දේසපාලුවෝ වගේ ජනතාව හූරාගෙන කාලා ගත්තුවා නෙවෙයි.