
(චමිලා අල්විස්)
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හොරණ සමගි ජන බලවේග ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
ඒ සමඟම ඔහු මෙතෙක් දැරූ සියලු පක්ෂ තනතුරුද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂය පියවර ගෙන ඇත.
සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, 2023 වසරේදී චරිත් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු හෝ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු නොකළ අතර, එම කාලසීමාවේදී පක්ෂයේ කිසිදු නිල තනතුරක්ද නොදැරූ බවයි.
එමෙන්ම දූෂණ, අල්ලස් හෝ වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක විරුද්ධ නොවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
අල්ලස් සිද්ධිය හේතුවෙන් චරිත් අබේසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග සහ අධිකරණ කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පට්ටපල් බොරු , වැඩේ මිනිසුන්ට අමතක වෙනකන්, මේ ප්‍රතිපත්තියක් තියෙන පාටිද? මොවුන් වෙලාවේ හැටියට බොරු තමයි කියන්නේ...
කව්රු කව්රුත් දැන් හදිස්සියේම පිරිසිඳු වෙන්න හදනවා වගේ....
දූෂිත පාතාල සාමාජිකයින්ගේ හඬපට සම්බන්ධයෙන් වහා කටයුතු කරන ආන්ඩුව, පාස්කු ප්‍රහාර සම්බන්ඳයෙන් සුචරිතවත් රංජන් සහ ශානිගේ හඬපට වලින් කියවුනු දේ, රංජන් සහ එක්තරා විනිසුරුවරියක් දුමින්ද සිල්වා නඩුවේ කටයුතු කළ ආකාරය දැක්වෙන හඬපට සම්බන්ධයෙන් නිහඬවම සිටින්නේ ඔවුන් සහ රජය සමග ඇති සම්බන්ධතාවන් නිසාද...?
තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වූ LTTEයෙන් මුදල් ලබාගෙන මැතිවරණ ව්‍යාපාරයේ යෙදුනාට අනුරට නඩු වැටෙන්නේ කවදාද? පාර්ලිමේන්තු මංත්‍රී අර්චුනා සාක්ෂියට ලෑස්තියිලු.
අරුණි ගුණරත්නගේ ආණ්ඩු කාලේදී වෙච්චි දේවල්ද ඔය? ඒ කාලේ කටයි, අහවල් තැනයි වහගෙන ඉඳලා දැන්ද නඩු දාන්න මතක් වෙන්නේ? ඒ කියන්නේ ගුණරත්නලත් දන්නවා එයාලාගේ ආණ්ඩු කාලෙදි හොරකම් විතරයි කෙරුවේ කියලා. මොන නීතිද ඒ කාලේ...!
සාමාජිකත්වය දෙන්න කලින් පිටරටකදී මුදල් විශුද්ධිකරණ වරදට හිරේ එහෙම ගිහින් තියෙනවාද කියලා හොයලා බැලුවේ නැද්ද?
@අරුණි LTTE එක අනුරට දුන්නේ "මහින්ද මහත්තයා" දුන්න සල්ලි වෙන්න ඕනෑ. ට්‍රැවලින් බෑග්වල දාලා ගිහින් දුන්න එක්කෙනාගෙන් ඇහුවා නම් කියයි.
සාමාජිකත්වය දෙන්න කලින් පිටරටකදී මුදල් විශුද්ධිකරණ හුට පටේකට හිරේ එහෙම ගිහින් තියෙනවාද කියලා හොයලා බැලුවේ නැද්ද මහත්තයෝ? නැත්තන් ඒවාගේ "සුළු පහේ" දේවල් සාමාජිකත්වය දෙන්න ප්‍රශ්න නොවේද?