පිස්තෝලය අතුරුදන් වූණාට රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ් සිය රාජකාරි ගිනි අවිය සහ උණ්ඩ කීපයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යටියන්තොට පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මෙම මස 30 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි රුවන්වැල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ශාමලී වෙදසිංහ මහත්මිය අද (28)නියෝග කළාය. 28 June 2026
කතානායකට විපක්ෂෙන් විශ්වාසභංගයක් අද හෙටම කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ළඟදීම ඉදිරිපත් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරු සූදානම් වෙති. 28 June 2026
කෝටි හතක හෂීෂ් කටුනායකින් අල්ලයි රුපියල් හත් කෝටි විසි දෙලක්ෂයක් වටිනා ’’ හෂීෂ්’’ සහ ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් මගීන් පස් දෙනකු පෙරේදා (28) අත්අඩංගුවට ගත් බව තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීහු පවසති. 28 June 2026
තව 76,000කට වැඩිහිටි දීමනාව ජාතික හැඳුනුම්පත් නොමැතිකම නිසා වැඩිහිටි දීමනාව අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටි පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් ලබා දීමේ කඩිනම් වැඩසටහනක් රජය අරඹා තිබේ. ජාතික හැඳුනුම්පත් නොමැති වීම හේතුවෙන් ඉන් 76,716 දෙනෙකුට එම දීමනාව අහිමි වී ඇතැයි රජය පවසයි. 28 June 2026
ලක්ෂ දොළහට විට්ස් කාර් එකක් දෙනවා කිව්ව අය හාල් කිලෝ දෙකක් දෙන තැනට වැටිලා ලක්ෂ දොළහට විට්ස් කාර් එකක් දෙනවා යැයි පුරසාරම්දෙඩූ ආණ්ඩුව දැන් ගෙවීමේ ක්‍රමයට හාල් දෙන තැනට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 28 June 2026
‘‘අරක්කු බෝතලේ ස්ටිකරයෙන් මුදල් නාස්තියක්‘‘ මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය ඇලවීමේදී මුදල් අක්‍රමිකතාවක් සිදුව ඇති බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 28 June 2026
නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය මධ්‍යම රජයට මඩකලපුව පිහිටි නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය ජාතික මට්ටමේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. 28 June 2026
මහබාගේ ගව ඝාතකාගාරයක් වටලයි ආපනශාලා සහ සුපිරි හෝටල් වෙත එල හරක් මස් ලෙස හැඟවෙන පරිදි මී ගවයින් ඝාතනය කර එම මස් වෙළඳපොළට යැවීමට සූදානම් කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි. 28 June 2026
‘‘ෂෙයික් මේ වසරේ බංගලාදේශයට එනවාලු‘‘ තමන් නැවතත් මෙම වසරේදී බංග්ලාදේශය පැමිණීමට බලාපොරොත්තු වන එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා එන්.ඩී.ටීවී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එකතු වෙමින් ප්‍රකාශ කළාය. 28 June 2026
ඇමෙරිකා ප්‍රහාරවලට ඉරානයත් උත්තර දෙයි ඇමෙරිකාව දෙදිනක් පුරා ඉරානයට එල්ල කළ ප්රහාරයන්ට පිළිතුරු ලෙස කුවේටයේ සහ බහරේනයේ පිහිටි ඇමෙරිකානු හමුදා ගොඩනැගිලි අටක් විනාශ කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 28 June 2026
ඇමෙරිකාව - ඉරානය යළි ඇවිලෙයි හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ විවිධ ස්ථානවල ඇති ඉරාන හමුදා ඉලක්ක 10 ක් වෙත ඇමෙරිකානු හමුදාව පසුගිය 26 වැනිදා සහ ඊයේ (26) පහරදුන් අතර ඊට පිළිතුරු ලෙස ඉරානය බහරේනයට සහ කුවේටයට ප්‍රහාර එල්ල කර තිබිණි. 28 June 2026
ගිනි අවිය අස්ථානගත වුණැයි ට්රැෆිත් OIC අත්අඩංගුවට පිස්තෝල ගිනි අවියක් සහ උණ්ඩ දහයක් සහිත මැගසීනයක් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශ ස්ථානාධිපති අත්අඩංගුවට ගත් බව සීතාවක පුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 28 June 2026
කසිප්පු අල්ලන්න ගියාම බල්ලන් අටක් උසි ගන්නවලා නිති විරෝධී මත්පැන් ජාවාරම්කරුකුගේ නිවස වැටලීමේදී ජාවාරම්කරුගේ බිරිඳ බව කියන කාත්වක් පොලිස් නිලධාරීන්ට පහර දීමට තැත් කර නිවසේ ඇති කරන සුනඛයන් අට දෙනකු පොලිස් නිලධාරීන් වෙත උසිගන්වා සපා කෑමට ලක් කිරීම හේතුවෙන් අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සිව් දෙනකු තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි. 28 June 2026
ව්‍යාජ මී පැණි ලීටර් 580ක් වවුනියාවෙන් සොයා ගනී පොසොන් සමයේ පැමිණෙන වන්දනාකරුවන් වෙත අලෙවිකිරීම සඳහා මී පැණි ලෙස සීනි උණුකරමින් සකස්කළ කෘතිම මී පැණි ලීටර 580ක් වවුනියාව වේප්පම්කුලම හීදි පොලිස් බාරයට ගත් බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි. 28 June 2026
හය වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අමාත්‍යංශය පූර්ණ සූදානමක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 28 June 2026
කොරියා හිටපු තානාපති මහින්ද බලන්න එයි කොරියානු ජනරජයේ හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකාවේ හිටපු කොරියානු තානාපති, ජොං-මූන් චෝයි (Jong-Moon Choi) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹදී සිදුවිය. 28 June 2026
ලක්ෂ 1800 මත් ද්‍රව්‍ය වනසයි රුපියල් ලක්ෂ 1800 කට ආසන්න වටිනාකමකින් යුත් මත් ද්‍රව්‍ය හා මත් පෙති තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝපත්ත දහන උදුනේදී මිගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ඉදිරියේදී පුළුස්සා විනාශ කිරීම සිදුවිය. 28 June 2026
පිහි පහරකින් සජබ ප්‍රා.අපෙක්ෂකයෙක් මරුට වීරකැටිය මැදමුලන කිංචිගුණේ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 07.30 ට පමණ පිහියකින් ඇන 30 හැවිරිදි සජබ ප්‍රා සභා අපේක්ෂකයකු ඝාතනය කර ඇතැයි වීරකැටිය පොලිසිය පැවසීය . 28 June 2026
ගිංගඟේ පා වූ මළ සිරුර හඳුනාගෙන ඝාතනය කොට ගිං ගඟේ කොන්කීට් කණුවක් දෙපාවල ගැට ගසා පාවෙමින් තිබුණේ අහුන්ගල්ලේ ලොකු පැටීගේ වෙඩික්කරු බවට හදුනාගෙන ඇතැයි පෝද්දල පොලීසිය කියයි. 27 June 2026
යතුරු පැදි අනතුරින් පාසල් සිසුවා මිය යයි 16 හැවිරිදි පාසල් මිතුරන් දෙදෙනකු ගමන් ගත් යතුරුපැදියක් මකුළුදූව ප්‍රදේශයේදී දුරකථන කණුවක ගැටී සිදු වූ අනතුරකින් එක් සිසුවකු මිය ගොස් අනෙක් සිසුවා තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පිළියන්දල පොලිසිය සඳහන් කරයි. 27 June 2026
‘‘ලංකාදීප‘‘ විදුලි ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ඒකා ලෝක වේ විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් සංවිධානය කරනු ලබන ’’ලංකාදිප පොසොන් ආලෝක පූජාවේ’’ පළමු දිනය මීට සුළු වේලාවකට පෙර ආරම්භ කෙරිණි. 27 June 2026
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් අද (27) ක්‍රියාත්මක කෙරිණි. 27 June 2026
‘‘මුහුද රළුයි ධීවර කටයුතු පරිස්සමින්‘‘ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මිටර් 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 27 June 2026
හිටපු ඇමැති පුත්තු 10ක් පසුපස පොලිසිය පන්නයි අල්ලස් දූෂණ සහ විවිධ අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇති හිටපු ඇමතිවරුන්ගේ පුත්තු දස දෙනෙකු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන අංශ කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇත. 27 June 2026
හිටපු රේගු ලොක්කා කන්ටේනර් කමිටුවට නැවත ගෙන්වයි කන්ටේනර් 323 ක් භෞතික පරීක්ෂාවෙන් තොරව මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගෙන් තුන්වෙනි වතාවටත් පසුගිය බදාදා ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. 27 June 2026
පොල්- ආහාර රට යවා බිලියන තුනක් හොයන්න සැලසුම් පොල් සහ ආහාරපාන ආශ්රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත්, පොල් සහ ආහාර පාන ආශ්රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 27 June 2026
පොල් - ආහාර රට යවා බිලියන තුනක් හොයන්න සැලසුම් පොල් සහ ආහාරපාන ආශ්රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළදී ඩොලර් බිලියන 03ක ආර්ථිකයක් ලෙස නගාසිටුවීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත්, පොල් සහ ආහාර පාන ආශ්රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 27 June 2026
තන්තිරිමලේ හැඩ කරන ‘‘ලංකාදීප‘‘ පොසෙන් ආලෝක පූජාව අද සිට තන්තිරිමලේ පුද බිම ඒකා ලෝක කරමින් සංවිධායනය කරමින් 23 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පූජාව අද සිට ආරම්භ වේ. එය පුරා දින තුනක් තිස්සේ පැවැත්වේ. 27 June 2026
පුද්ගලික සරසවිවල ’’හිතුමතේ වැඩ’’ තහනම්! රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල සහ අනුබද්ධ විශ්වවිද්‍යාල ගුණාත්මක තත්වයෙන් යුතුව පවත්වාගෙන යෑම සඳහා වෙනම ප්‍රතිපත්ති මාලාවක් සහ වැඩපිළිවෙළක් සකස් කිරීමට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. 27 June 2026
කොළඹ - බදුල්ල බස් රථයක් දියතලාවේදී දුම්රිය මඟට පෙරළී 43කට තුවාලයි කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රීලංගම බස් රථයක් දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (27) අලුයම මාර්ගයෙන් ඉවතට පැන පහල දුම්රිය මාර්ගයට පෙරලීයාමෙන් 43ක් තුවාලලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කල බව දියතලාව පොලිසිය පවසයි . 27 June 2026
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026