(විමුක්ති එස් රුද්‍රිගු)

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ විවිධ ස්ථානවල ඇති ඉරාන හමුදා ඉලක්ක 10 ක් වෙත ඇමෙරිකානු හමුදාව පසුගිය 26 වැනිදා සහ ඊයේ (26) පහරදුන් අතර ඊට පිළිතුරු ලෙස ඉරානය බහරේනයට සහ කුවේටයට ප්‍රහාර එල්ල කර තිබිණි.

ඇමෙරිකාව ඉරානයට ඊයෙ (27) දෙවැනි දිනටත් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඉරානය කුවේටයට සහ බහරේනයට දැඩි මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබූ අතර ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ ප්‍රතිචාර දැක්වීමට ඉරානයට නීත්‍යානුකූල අයිතියක් තිබෙන බවයි.

පහර දීමෙන් පසුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරමින් ප්‍රකාශ කර සිටියේ තමන් හමුදා බලය යොදා ගනිමින් පටන් ගත්දේ අවසන් කිරීමට ඉඩ ඇති බවත් එසේකළහොත් ඉරානයට ලෝක සිතියමේ ඉඩක් නොතිබෙනු ඇති බවත්ය. ජනපති ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් ගිණුමේ සටහනක් තබමින් මෙම තර්ජනය සිදු කළේය.

දෙවැනි දිනයේදී ඉරානයේ කෙෂ්ම් දූපතට සහ සිරික් , බන්ඩාර්-ඊ ලෙන්ගේ නගරවලට ඇමෙරිකානු හමුදාව දිගින් දිගටම පහරදී තිබූ අතර ඉරානයද අනතුරු අඟවමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාව දිගින් දිගට ප්‍රහාර එල්ල කළහොත් ඊට දැඩිව පිළිතුරු ලබාදෙන බවයි.