
(සුජිත් හේවාජුලිගේ)
මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය ඇලවීමේදී මුදල් අක්‍රමිකතාවක් සිදුව ඇති බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
මත්පැන් බෝතල් මත අලවන ආරක්ෂිත ස්ටිකරය මුද්‍රණය සඳහා වැය වන වියදම ඩිජිටල් මුද්‍රණයේදී අඩුවී නොමැති බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්්‍ය සාධනය විමසීම සදහා එහි ප්‍රධානීහු එම රැස්වීමට කැඳවනු ලැබ සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම් ජයන්ත සිල්වා මහතා පැවසුවේ සිසිල් කිරීමේදී වතුර ගෑවෙන නිසා සමාගම් දෙකක නිෂ්පාදනවලට ඩිජිටල් ස්ටිකර් අලවන බවයි. බෝතල් සීයට අසූවක තිබෙන්නේ ඩිජිටල් ස්ටිකර් බවද ඔහු කීවේය.
ඩිජිටල් ස්ටිකර් අලවන විටද ඩොලර් 7.99ක් වයවන බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd