(බී. ජී. චතුරංග)

විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් සංවිධානය කරනු ලබන "ලංකාදිප පොසොන් ආලෝක පූජාවේ" පළමු දිනය මීට සුළු වේලාවකට පෙර ආරම්භ කෙරිණි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී. සේනාරත්න , අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර,  මධ්‍යම නුවරගම පළාත් ප්‍රාදේශීය සභාවේ සභාපති වන්නිනායක , විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍ය අධිකාරී (ගබඩා සහ මෙහෙයුම්) තරංග අත්තනායක , සහකාර සාමාන්‍යාධිකාරි (විදුලි)  දයා පතිරණ , අලෙවි ප්‍රධානී නිශාද් ඩී අල්විස් යන මහත්වරුන්ගේ  සුරතින් ඓතිහාසික තන්තිරිමලේ පූජා භූමිය ඒකා ලෝක කෙරිණි. .

සීමා සහිත විජය පුවත්පත් සමාගම 23 වන වරටත් සංවිධානය කරන මෙම ආලෝක පූජාවේ දෙවන දිනය හෙට පැවැත්වේ.  

(ගයාන් අමරසේකර)