
(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර)
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රීලංගම බස් රථයක් දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද (27) අලුයම මාර්ගයෙන් ඉවතට පැන පහල දුම්රිය මාර්ගයට පෙරලීයාමෙන් 43ක් තුවාලලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කල බව දියතලාව පොලිසිය පවසයි .
ඉන් අසාධ්‍ය තත්වයෙන් පසුවන කිහිපදෙනෙක් බදුල්ල ශික්ශන රෝහලට මාරු කර යැවු බවත් පොලිසිය කීය.
කොළඹ සිට බදුල්ල බලා ඊයේ (26) රාත්‍රියේ පිටත්ට ධාවනය වෙමින් තිබූ මෙම බදුල්ල ඩිපෝවට අයත් ශ්‍රීලංගම බස් රථය දියතලාව නගරයට ආසන්න වෙමින් තිබියදී බසයෙ හදිසියේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් අද (27) අලුයම 1.10ට පමන මෙසේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 30ක් පමන ප්‍රපාතයකින් උඩරට දුම්රිය මාර්ගයට පෙරලීගොස් ඇති බවත් පොලිසිය සදහන් කලේය .
අනතුරින් තුවාල ලැබූ පිරිස අතර කාන්තාවන් ,පිරිමි පුද්ගලයන් සිටින බවත්, ඔවුනගෙන් කිහිපදෙනෙක්ගේ තත්වය තරමක් බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය .
අනතුරින් බස් රථයේ රියැදුරු ද තුවාලලබා ඇති අතර කොන්දොස්තරවරයාට තුවාල සිදුවි නොමැත .
මෙම අනතුර සිදුවන අවස්ථාවේ බසය තුල මගීන් 61ක් පමන සිට ඇතිබවත් සෙසු පිරිස තුවාල නොලබා බේරී තිබේ.
බසයට දැඩි ලෙස අලාභහානි වී ඇති අතර උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල දියතලාව අතර දුම්රිය ධාවනයටද බාධා සිදුව ඇති බවත් පොලිසිය පවසයි .
දියතලාව පොලිසිය පරීක්ෂන පවත්වති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd