
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අභිචෝදක කාර්යාලයේ ගැටලුව විසදෙනතුරු පාර්ලිමේන්තු ඔම්බුස්මන් වරයා පත් කිරීමට නොහැකි වන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි
අජිත් පී පෙරේරා මහතා;
අද වෙනතුරු පාර්ලිමේන්තු ඔම්බුස්මන්වරයා පත් කරල නැහැ. සාකච්ඡා කරලා නැහැ කෙටුම්පතක් සකස් කරලා නැහැ. කිසිම දෙයක් වෙලා නෑ. නමුත් මෙයාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණා.
අධිකරණ ඇමැති:
අභි චෝදක කාර්යාලයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හඳුනා ගැනීමෙන් තොරව ඔම්බුස්මන් පත් කරන්න බැරි වෙනව. අභි චෝදක කාර්යාලයේ බලතල බෙදීම ගැන වාර්තාව ආවට පස්සේ තමයි ඔම්බුස්මන් වරයා පත් කරන්න පුළුවන් වෙන්නේ. අපි දැන් වැඩ කරනවා. නොකරනවා නොවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd