
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉතා ඉක්මනින් අඛණ්ඩ ලාබදායී විදුලිබල ක්ෂේත්රයක් ඇති කරන බව අප මහජනතාවට පොරොන්දු වෙන බවවිදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලියාස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ නියමය පිළිබඳ විවාදය අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.
"අපේ රජය යටතේ කළ වැදගත්ම කටයුත්තක් ලෙස විදුලිබල මණ්ඩලය ප්‍රති ව්‍යුහගත කිරීම සැලකිය හැකියි.ඒ අනුව විදුලි බල මණ්ඩලය රජය යටතේ පවතින සමාගම් හයක් ලෙස මාර්තු 09 වැනිදා සිට වැඩ ආරම්භ කළා.එදින සිට අප විශාල වැඩ කොටසක් සිදුකරමින් සිටිනවා. පසුගිය රජය යටතේ මණ්ඩලය සමාගම් දොළහක් යටතේ කඩා එයින් සමාගම් දහයක් සම්පූර්ණයෙන් පෞද්ගලික අංශය යටතේ පවත්වාගෙන යාමට සැලසුම් කර තිබුණා.අප රජය යටතේ එය සමාගම් හයක් දක්වා අඩුකර ඒ සියලු සමාගම් සියයට සියයක් රජය යටතේ පවතින තත්ත්වයට පත් කළා.අනිවාර්ය විශ්‍රාම යාමේ ක්‍රමය වෙනුවට ස්වේච්ඡා විශ්‍රාම යාමේ ක්‍රමයක් අප හඳුන්වා දුන්නා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd