
(රෝෂන් තුෂාර)
අධි චෝදනා ලද පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට එරෙහි ක්රිස් නඩුවේ ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනකුට රාජ්ය තාන්ත්රික ක්රමවේදය හරහා සිතාසි නිකුත් කිරීමට පියවර ගන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්ඳුරුගොඩ මහත්මිය මහාධිකරණ රෙජිස්ට්රාර්වරයාට අද නියෝග කළාය.
නඩුවේ විදේශගත සාක්ෂිකරුවන්ට අධිකරණ සේවා කොමිෂන් සභා චක්රලේඛ ප්රකාරව සිතාසි යැවීමේ ක්රමවේදය යටතේ සිතාසි නිකුත් කිරීමට පියවර ගන්නා බව සඳහන් කරමින් නීතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ලෙස මහාධිකරණ විනිසුරුවරිය එසේ නියෝග කළාය.
පැමිණිල්ල වගකීම් විරහිතව කටයුතු කරන බවට පෙනී යන බවද විනිසුරුවරිය පෙන්වා දුන්නාය.
රාජ්ය ප්රාන්ත්රික ක්රමවේදය හරහා සිතාසි නිකුත් කිරීමට අදාල ලේඛන කිහිපයක්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික හොරුන්ට අන්තර්ජාතික ක්රමයේ සැලකිලි. ඒ වගේම අන්තර්ජාතික දඬුවම් දිය යුතුයි.
තාත්ත පුත්රයින්ට. කොයිතරම් මහන්සි වෙලාද මේව කරන්න පාර හදලා දුන්නෙ වශි මුදු දාගන කෝවිල් පන්සල් වැද ගන. කපු මහත්තුරු ගෙන්නගන ගෙදර තියන් සාස්තර බලමින්. මුලු පරම්පරාවටම හම්බ කරගත්තෙ. දැන් මැරෙන්න කලින් මේවා බලමින් විදවනවා. තවමත් බලන්නෙ නොන්ඩි ගගහ රටේ බලය ගන්න. වලප ල්ලට ගන්නෙත් නැහැ විදවන්න දෙවියෝ. දෙනවා. හීනෙන්වත් හිතුවේ නැහැ වමාරන්න වෙයිකියලා.