1
(මනෝප්රිය ගුණසේකර)
2015 ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාල අතර බේදාදීම සඳහා ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ගෙන්වා රජයට රුපියල් කෝටි 04කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුලි 23 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා අද (26) නියම කළේය.
ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රීඩා සංගම් වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් චෝදනාවන්ට වරදකරුවන් වී සිරදඬුවම් විඳින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අ`ථත්ගමගේ සහ සතොස හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහත්වරුන් ඇතු`ථ තිදෙනෙකුවට එරෙහිව 2015 ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාල අතර බේදාදීම සඳහා ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ගෙන්වා රජයට රුපියල් කෝටි 04කට ආසන්න පාඩුවක් කළ බවට පොදු දේපළ පනත යටතේ නීතීපතිවරයා නඩු පවරා ඇත.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අ`ථත්ගමගේ සහ සතොස හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහත්වරුන්ට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතාය.
2014 ඔක්තෝම්බර් පළමුවැනිදාත් දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී සතොස ආයතනයට අයත් රුපියල් 39”061”290/-ක් වටිනා කැරම් බෝඩ් 14000ක් සහ දාම් බෝඩ් 14000ක් පසුගිය ජනාධිපතිවරණ සමයේදී 2015 ජනාධිපතිවරණයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කාර්යාල කාර්යාල අතර බෙදා දී රජයට රුපියල් මිලියන 39 කට අධික පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හතරක් යටතේ නඩු පවරා ඇත.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 42 දෙදෙනෙක් සහ නඩු භාණ්ඩ 11ක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
නඩුව කැඳවු අවස්ථාවේදී හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අ`ථත්ගමගේ සහ සතොස හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු නමැත්තන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
නඩුව කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුලි 23 වැනිදා පැවැත්වීමට තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd