(සුරංග රාජනායක)

දිට්වා සුළිකුනාටුවෙන් ආපදාවට පත් ගම්පොල ජනතාවට බෙදාදීම සදහා ගම්පොල උඩපලාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ලැබී තිබු වියලි ආහාර ද්‍රව්‍ය විශාල තොගයක් ඇතුළු භාණ්ඩ කල් ඉකුත් වන තෙක් ඒවා  ජනතාවට බෙදා දී නැතැයි  සිදුකළ විගනණ පරික්ෂාවකින් හෙළි වී තිබේ.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාමර තුනක තිබී විගණන නිලධාරින් විසින් මෙම භාණ්ඩ තොගය සොයා ගෙන ඇත.

ආපදාවට පත් ජනතාවට බෙදා දිම සදහා උඩපලාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ලබා දී ඇති වියලි ආහාර ද්‍රව්‍ය හා ඇඳුම් පැලඳුම් මුළුතැන් ගේ උපකරණ විද්‍යුත් උපකරණ ආදී ‍ ද්‍රව්‍යා නිසි පරිදි බෙදා නොදී එහි කාර්ය මණ්ඩලය ඒවා අවභාවිතා කරන බවට මහනුවර දිසාපතිවරයාට හා රජයේ විගණකාධිපතිට ලැබී තිබුණු තොරතුරු අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන නිලධාරින් හා රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඒකාබද්ධ පරික්ෂණයක් ආරම්භ කර ඇත.

මේ අතර මෙම කාර්යාලයේ තිබූ කල් ඉකුත්වී නරක්ව තිබූ පරිප්පු හාල් ඇතුළු ආහාර ද්‍රව්‍යතෝගයක් වලදමා ඇති බවටද මෙම නිලධාරින්හට තොරතුරු ලැබී තිබේ.