පොලිසියේ වැඩ පොලිස්පතිට පවරා ගැසට්ටුවක්
පොලිස් දෙපාර්තමේන්තුවේ ප්රධාන පොලිස් පරීක්ෂක ධුරයේ සිට පොලිස් කොස්තාපල් නිළය දක්වා නිළයන් වෙනුවෙන් සිදුකරනු ලබන පත්කිරීම්, උසස්කිරීම්, ස්ථානමාරු කිරීම්, විනය පාලනය කිරීම්, සේවයෙන් පහ කිරීම ආදි කටුයතු සිදු කිරීමේ බලය පොලිස්පතිවරයාට පවරමින් අතිවිශේෂ ගැසට් පත්රයක් මගින් ජාතික පොලිස් කොමිසම් සභාව විසින් බලය පවරා ඇති බව ජාතික පොලිස් කොමිසම් පවසයි.