(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ණය ලබා ගන්නා පුද්ගලයන්ගේ දේපළ අත්පත් කර ගැනීමට බැංකු ඇතුළු ණය දෙන ආයතන වලට ඇති පරාතේ බලතල තාවකාලිකව නැවැත්වීමට කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ලබන සඳුදා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
බැංකු පද්ධතිය ආරක්ෂා කරගෙන පරාතේ බලතල කිසියම් සීමාසහිත කාලයකට නතර කිරීමට වැඩපිළිවෙලක් හඳුන්වා දෙන බව ද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ රටේ තත්ත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැක ගැනීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට විවිධ චක්‍ර ලේඛ 15ක් නිකුත් කර ඇති බවද ප්‍රකාශ කළේය.
පරාතේ බලතල සම්බන්ධයෙන් රටේ කතා බහක් ඇතිවී තිබෙන බවත් එම නීති හඳුන්වා දී ඇත්තේ බැංකු පද්ධතියේ ආරක්ෂාව සඳහා බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඡන්ද ගුණ්ඩුවක්.