
(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව පැරණි නගරයේ සිදුකල පුරාවිද්‍යා පරීක්ෂාවකදී පොලොන්නරු යුගයට වඩා එහා ගිය ඈත යුගයක සාක්ෂි හමුවූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි.
මහාචාර්යවරයා මේ බව අනාවරණය කරනුයේ කැලණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවි්යාලය, ඔස්ට්‍රේලියවේ ට්‍රෝබ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධව මෑතකදී සිදුකළ පර්යේෂණයකින් පසුවය.
පොලොව අභ්‍යන්තරය විනිවිද පරීක්ෂා කරන රේඩාර් යන්ත්‍රයක් මගින් සිදුකල පුරාවිද්‍යා පරීක්ෂාවකදී මෙම කරුණු අනාවරණයවූ බව මහාචාර්ය ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ පැරැන්නන් විසින් ඉතිහාසය පුරා සිදුකරන ලද විශ්ව කර්ම නිර්මාණ සොයාගැනීම සේම එවන් නිර්මාණ කිරීම උදෙසා අවැසි දැනුම ලබා ගත්තේ කෙසේද යන්නත් සොයා බැලිය යුතුයි. පරිසරය ද මානව ප්‍රජාව ද ආරක්ෂා කරගෙන අනාගතය වෙනුවෙන් එදා කළ දහසක් දේ ළඟටවත් යන්නට වර්තමානයේ අප කිසිවකුට හෝ නොහැක්කේ ඇයිද යන්නත් එවිට වැටහෙනු ඇත. විශ්ව විද්‍යාල කප්පරක් තිබුණත්, ඒවායේ විද්‍යාර්තීන් යයි හඳුන්වන උදවිය අන්නන්තවත් හිටියත් ලෝකයට අලුත් දැනුමක දෙන්නට තබා අපටවත් රටක් හැටියට ඉහළට එන්න නොහැක්කේ මන්ද යන්නත් එවිට වැටහෙනු ඇත. මෙවැනි කාර්යයක් කිරීම සඳහා කයිවාරුකාර ජාජබය වත්, සජබයවත්, අලියා හෝ පොහොට්ටුවවත් තම තම න්‍යාය පත්‍රවල ඉඩක් වෙන්කර නොමැත්තේ ඔවුන් සියලු දෙනාම හුදු අනුකාරකයින් පමණක් නිසායි.