
(රේඛා තරංගනී ෆොන්සේකා)
අත දරුවන් වඩාගෙන දරුවාට මුවාකොට අයිස් ඡාවාරමේ නියැලුණු බව කියන සැකකාරියන් දෙදෙනෙකු සහ ඒවා මිලදීගැනීමට පැමිණි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය පැවසීය.
ලැබුණු තොරතුරකට අනුව අයිස් අලෙවිය සිදුවන අවස්ථාවේදීම මෙම පස් දෙනා අත්අඩංගුවට ගෙනා ඇත. ජාවාරම සිදු කළ බව කියන මෙම සැකකාරියන්ට එරෙහිව විභාග වන මත්ද්‍රව්‍ය චෝදනා නඩු ඇති බවද පොලීසිය කියයි.
සැකකාරියන් දෙදෙනාම වයස අවුරුදු 35,24 වයසේ පසු වන එගොඩ උයනේ පදිංචිකාරියන්ය. සෙසු සැකකරුවන් තිදෙනා අම්බලන්ගොඩ බලපිටිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd